bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 5
Judges 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
1
ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය:
2
අධිපතීන් ඉශ්රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා කරන්න.
3
රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේ ට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා ගී කියන්නෙමි.
4
ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය.
5
කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය.
6
අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය.
7
දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය, නැතුවම සිටියෝය.
8
ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද?
9
සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා කරන්න.
10
සුදු කොටළුවන් පිට නැගී යන ඔබ සැමත්, අනගි පලස් පිට හිඳින ඔබ සැමත්, මාර්ගයෙහි යන ඔබ සැමත් එය ප්‍රකාශ කරන්න.
11
දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේ ගේ සෙනඟ දොරටුවට බැස්සෝය.
12
පිබිදෙව, දෙබොරා පිබිදෙව; පිබිදෙව, පිබිදෙව, ගීතිකාවක් පවසව. බාරාක් නැගුටුව, එම්බා අබිනොවම්ගේ පුත්‍රය, ඔබ වාලට ගත් අය වාලට ගෙනයව.
13
එකල උත්තමයන්ගෙන් හා සෙනඟගෙන් ඉතුරු කොටසක් බැස ආයේය; ස්වාමීන්වහන්සේ මා උදෙසා බලවතුන්ට විරුද්ධව බැස ආසේක.
14
අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, ඔබ පස්සේ, ඔබේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ.
15
ඉස්සාඛර්ගේ අධිපතීහුද දෙබොරා සමඟ වූහ; ඉස්සාඛර් යම්සේද බාරාක්ද එසේම විය; ඔව්හු ඔහු පස්සේ මිටියාවතට වේගයෙන් දිවූහ. රූබෙන්ගේ කඳුරැලි ළඟදී සිතේ මහත් සනිටුහන් තිබුණේය.
16
ඔබ බැටළුපාලයන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ කුමට ඉඳගත්තෙහිද? රූබෙන්ගේ කඳුරුලි ළඟදී මහත් සිත් විමසීම් විය.
17
ගිලියද් යොර්දානෙන් එතර විසීය. දාන් තෙමේ නැව්වල කුමට නැවතී සිටියේද? ආෂෙර් මුහුදු වෙරළේ නිශ්චලව ඉඳගෙන තමාගේ කලපු ළඟ විසීය.
18
සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනඟකි, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය.
19
රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.
20
තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය, ස්වකීය හරසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය.
21
කීෂොන් ගංගාව, ඒ පැරණි ගඟවූ කීෂොන් ගංගාව, ඔවුන් ගහගන ගියාය. එම්බා මාගේ ආත්මය! ශක්තියෙන් ගමනය කරව.
22
එවිට පැනීම් නිසා එනම් ඔවුන්ගේ බලවතුන්ගේ පැනීම් නිසා අශ්වයෝ තදින් අඩි හැපුවෝය.
23
ස්වාමීන්වහන්සේ ගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ ගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේ ගේ දූතයා කීය.
24
කේනිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නීය. කූඩාරම්හි ස්ත්රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය.
25
ඔහු වතුර ඉල්විය, ඈ කිරි දුන්නාය; ඈ උත්කෘෂ්ට තැටියක ඔහු වෙත වෙඬරු ගෙනාවාය.
26
ස්වකීය අතින් ඇණයත් ස්වකීය දකුණතින් කම්කරු මිටියත් ගෙන, මිටියෙන් සිසෙරාට ගැසුවාය, ඔහුගේ හිස සිදුරුවෙන්ට ගැසුවාය, එසේය, ඈ ඔහුගේ නළල් කෙළවර සිදුරුකොට එය පොඩිවෙන්ට ගැසුවාය.
27
ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය, ඔහු දිගාවුණේය. ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය. නැමුණු තැනම ඔහු වැටී නැසුණේය.
28
සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනංගුවන්නේදැයි කීවාය.
29
ඇගේ නැණවත් කුලඟනෝ ඈට උත්තර දුන්නුය. එසේය, ඕ තමාටම ප්‍රතිඋත්තර කීවාය:
30
ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය.
31
ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21