bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 4
Judges 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 5 →
1
ඒහුද් මැරුණායින් පසු ඉශ්රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.
2
ස්වාමීන්වහන්සේ ද හාශොර්හි රජකම්කළ කානාන්හි රජවූ යාබින් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුගේ සේනාවේ අධිපතියා ජාතීන්ට අයත් හරොෂෙත්හි විසූ සිසෙරාය.
3
ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.
4
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.
5
ඈ එප්‍රායිම් කඳු රටේ රාමාටත් බෙතෙල්ටත් අතරේ තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට වාසයකළාය. ඉශ්රායෙල් පුත්‍රයෝ විනිශ්චය පිණිස ඈ ළඟට ආවෝය.
6
ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: ඔබ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,
7
මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ ඔබ වෙතට රැස්කර ඔහු ඔබ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය.
8
එවිට බාරාක් ඈට කථාකොට: ඔබ මා සමඟ යනවා නම් මම යන්නෙමි. ඔබ මා සමඟ නොයනවා නම් මමත් නොයන්නෙමියි කීය.
9
ඈද: සැබවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේවී නුමුත් ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.
10
බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.
11
එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.
12
එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය.
13
සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය.
14
එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා ඔබ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ ඔබට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.
15
එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.
16
නුමුත් බාරාක් රථ හා සේනාව පස්සේ ජාතීන්ට අයත් හරොෂෙත් දක්වා එළවාගන ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩුමුවහතින් වැටුණාය; එක්කෙනෙක්වත් ඉතුරුවුණේ නැත.
17
නුමුත් හාශොර්හි රජවූ යාබින් හා කේනියවූ හෙබෙර්ගේ වංශය අතරේ සමාදානය තිබුණු බැවින් සිසෙරා කේනිය හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේය.
18
යායෙල් සිසෙරාගේ පෙරමගට ගොස්: මාගේ ස්වාමිනි, ඇතුළට අව මැනවි; භයනොවී මා ළඟට ඇතුළට අවමැනවියි ඔහුට කීවාය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවාය.
19
ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය.
20
ඔහු ඈට කථාකොට: ඔබ කූඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්-මෙහි කවුරුවත් ඉන්නවාදැයි ඔබෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඈට කීවේය.
21
එවිට හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල් කූඩාරම් ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතුව හීන්සැරේ ඔහු ළඟට ගොස්, නිදාගන තෙහෙට්ටුවී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යනතෙක් ගසා එය සිදුරුකළාය; මෙසේ ඔහු විසංඥව මළේය.
22
බාරාක් සිසෙරා පස්සේ එළවාගන ආ කල යායෙල් ඔහුගේ පෙරමගට ගොස්: එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ඔබට පෙන්වමියි ඔහුට කීවාය. ඔහු ඈ වෙතට ආකල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇනී තිබෙනවාත් දුටුවේය.
23
මෙසේ දෙවියන්වහන්සේ ඒ දවසේදී කානාන්හි රජවූ යාබින් ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියේ යටත් කළසේක.
24
කානාන්හි රජවූ යාබින් විනාශකරදමන තුරු ඉශ්රායෙල් පුත්‍රයන්ගේ අත කානාන්හි රජවූ යාබින්ට විරුද්ධව වඩ වඩා බලවත්වුණේය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21