bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 9
Judges 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
1
යෙරුබ්බාල්ගේ පුත්‍රවූ අබිමෙලෙක් ෂෙකෙම්හි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට:
2
ඔබ සැමට කොයි එක වඩා හොඳද-යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් ඔබ සැම කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් ඔබ සැම කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස ඔබ සැමගෙන් ඉල්ලමි; මා වනාහි ඔබ සැමගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.
3
ඔහුගේ මවුගේ සහෝදරයෝ ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි මේ සියලු වචන ඔහු ගැන කීවෝය. ඔවුන්ගේ සිත්ද අබිමෙලෙක් දෙසට ඇදීගියේය; මක්නිසාද: ඔහු අපේ සහෝදරයායයි ඔව්හු කීවෝය.
4
තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.
5
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.
6
ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.
7
ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ ඔබ සැමට ඇහුම්කන්දෙන පිණිස ඔබ සැම මට ඇහුම්කන්දෙන්න.
8
එක් කෙලක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්-ඔබ අප කෙරෙහි රජවුණමැනවියි ඔලීව වෘක්ෂයට කීවෝය.
9
නුමුත් ඔලීව වෘක්ෂය ඒවාට කථාකොට-දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගෞරව ලබන්ට හේතුවූ මාගේ සාරකම් අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
10
එවිට ගස් තුමූ: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි අත්තික්කා ගසට කීවෝය.
11
අත්තික්කා වෘක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
12
එවිට ගස් තුමූ: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි මිදිවැලට කීවෝය.
13
මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අතහැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.
14
එවිට සියලු ගස්: ඔබ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය.
15
කටුඇඹිල්ල ගහද: ඔබ සැම සැබෑවටම ඔබ සැම කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.
16
ඉතින් අබිමෙලෙක් රජකමට පත්කරගැනීමෙන් ඔබ සැම සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබ්බාල්ට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද?
17
මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා ඔබ සැම උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ සැම ගැළෙවුවේය.
18
නුමුත් ඔබ සැම අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍රවූ අබිමෙලෙක් ඔබ සැමගේ සහෝදරයා බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය.
19
ඔබ සැම මෙසේ අද දවසේ යෙරුබ්බාල්ටත් ඔහුගේ වංශයටත් සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකළානම් අබිමෙලෙක් ගැන ප්‍රීතිවන්න, ඔහුත් ඔබ සැම ගැන ප්‍රීතිවේවා.
20
එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.
21
යෝතාම් තමාගේ සහෝදරවූ අබිමෙලෙක්ට භයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය.
22
අබිමෙලෙක් ඉශ්රායෙල් කෙරෙහි තුන් අවුරුද්දක් අධිපතිකම්කළායින් පසු,
23
දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරට එදිරිකාර ආත්මයක් පැමිණෙවු සේක; ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට ද්‍රෝහිකම්කළෝය.
24
මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.
25
ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය.
26
තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.
27
තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.
28
එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? ඔබ සැම ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?
29
අහෝ මේ මිනිස්සු මා යටතේ නම්! එවිට මම අබිමෙලෙක් පහකරදමන්නෙමියි කියා: ඔබේ සේනාව වැඩිකරගෙන පිටතට එන්නැයි අබිමෙලෙක් ගැන කීවේය.
30
නුවර ආණ්ඩුකාරයාවූ ශෙබුල් එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය.
31
ඔහු හොරෙන් පණිවිඩකාරයන් අබිමෙලෙක් වෙතයවා: මෙන්න, එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද ඔහුගේ සහෝදරයෝද ෂෙකෙම්ට ඇවිත් සිටිති; මෙන්න, ඔබට විරුද්ධව නුවර වැසියන් පොළඹවති.
32
එබැවින් ඔබ සහ ඔබ වෙත සිටින සෙනඟ රාත්‍රියේ පිටත්වී කෙතේ සැඟවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න.
33
එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනඟද ඔබට විරුද්ධව පිටතට ආ කල්හි ප්රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියන්ට කීවේය.
34
අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය.
35
එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය.
36
ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ ඔබට පෙනේයයි ඔහුට කීය.
37
ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.
38
එවිට ශෙබුල් ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අබිමෙලෙක් කවුදැයි ඔබ කීවාවූ ඔබේ කට දැන් කොහේද? මේ ඔබ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් ඔබ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය.
39
එවිට ගයල් ෂෙකෙම් වැසියන්ට පෙරටුව ගොස් අබිමෙලෙක්ට විරුද්ධව සටන්කෙළේය.
40
අබිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම්කා වැටුණෝය.
41
අබිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබුල් වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ෂෙකෙම්හි වාසයකරන්ට ඉඩනොදී ඔවුන් නෙරපාදැමුවේය.
42
පසුව දා සෙනඟ පිටතට ගියෝය; ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය.
43
ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේය; සෙනඟ නුවරින් පිටතට එනවා ඔහු දුටු කල ඔවුන්ට විරුද්ධව නැගිට ඔවුන්ට පහරදුන්නේය.
44
අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.
45
අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.
46
ෂෙකෙම් කොටුවේ සිටි සියලු මනුෂ්‍යයෝ ඒ අසා එල්-බෙරීත් දෙවියාගේ ගෘහයේ කොතට ඇතුල්වුණෝය.
47
ෂෙකෙම් කොටුවේ සියලු මනුෂ්‍යයන් එකට රැස්ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය.
48
අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා ඔබ සැම දුටු දේම ඔබ සැමත් ඉක්මනින් කරන්නැයි කීවේය.
49
එවිට මුළු සෙනඟත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අබිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලෑවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය.
50
ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, තේබේශ්ට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත්තේය.
51
ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය.
52
අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය.
53
එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පළුව අබිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බින්දාය.
54
ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.
55
ඉශ්රායෙල් මනුෂ්‍යයෝ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය.
56
මෙසේ දෙවියන්වහන්සේ අබිමෙලෙක් තමාගේ සහෝදරයන් සැත්තෑදෙන මැරීමෙන් තමාගේ පියාට කළ ඔහුගේ දුෂ්ටකමට විපාක දුන්සේක.
57
ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේක. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍රවූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමුණුණේය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21