bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 1
Hebrews 1
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 2 →
1
ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, නොයෙක් මාර්ගවලින් දෙවියන්වහන්සේ දිවැසිවරුන් මඟින් අපේ පියවරුනට කතා කළ සේක.
2
එහෙත් මේ අවසන් දවස්හිදී උන්වහන්සේ අපට කතා කර ඇත්තේ, සියලු දේහි උරුමකරුවාණන් කර, උන්වහන්සේ පත් කළ, එසේම මුළු ලෝකය උන්වහන්සේ මවනු ලැබුවේ කවරකු තුළින් ද, අන්න ඒ ස්වකීය පුත්‍රයාණන් මඟිනි.
3
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
4
උන්වහන්සේට උරුමව ඇති නාමය පරිදි, උන්වහන්සේ දේව දූතයින්ට වඩා බෙහෙවින් උත්තරීතර බවට පැමිණි සේ ම, එය ඔවුන්ගේ නාමයට වඩා බෙහෙවින් විශිෂ්ට ය.
5
මන්ද දෙවියන්වහන්සේ කවර දේව දූතයකුට, කවදා මෙසේ පවසා ඇද්ද? “ඔබ මාගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි.” යළිත්, “මම ඔහුට පියාණන් කෙනකු වන්නෙමි. ඔහු මට පුත්‍රයකු වන්නේ ය.”
6
එසේම නැවතත්, උන්වහන්සේ තම කුලුඳුලාණන් ලොවට ගෙනෙන කල, මෙසේ පවසන සේක, “දෙවියන්වහන්සේගේ සියලු දූතයින්, උන්වහන්සේට නමස්කාර කරත්වා.”
7
දේව දූතයින් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ, “උන්වහන්සේ තම දූතයින් සුළං ද, තම සේවකයින් ගිනිදැලක් ද කරන සේක” යනුවෙනි.
8
එහෙත් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ කියන්නේ, “අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාතනික ය, සදහට ම ය; ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තය ය, ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය ය;
9
ධර්මිෂ්ඨකමට ඔබ ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකරුවනට, ඉහළින් ප්රමෝදයේ තෙලින් ඔබ ආලේප කළ සේක” යනුවෙනි.
10
තවද, “ස්වාමින්වහන්ස, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.
11
ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි.
12
ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙසම ය. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.”
13
කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා, ඔබගේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.”
14
ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13