bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 6
Hebrews 6
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
1
එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම,
2
බව්තීස්මයන් පිළිබඳ ඉගැන්වීම, අත් තැබීම, මළවුන්ගෙන් නැගිටීම හා සදාතන විනිශ්චය යන දෑ ය.
3
දෙවියන්වහන්සේ වර දෙන සේක් නම්, අපි එසේ කරන්නෙමු.
4
මන්ද වරක් සත්‍යාබෝධ කරනු ලැබූ, ස්වර්ගීක දීමනාවේ රස විඳි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ පංගුකාර වූ,
5
දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළඹෙන යුගයේ බලය දිව ගෑ අය
6
වැටී ගියහොත්, යළි නගා සිටුවීම සඳහා පසුතැවිල්ලට ගෙන ඒම කළ නො හැක්කකි; ඔවුහු තමන්ටම හානියක් ද උන්වහන්සේට නිග්‍රහ ද කරමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැවතත් කුරුසියේ ඇණ ගසති.
7
නිතර එය පිට වැටෙන වැස්ස උරා ගනිමින්, වගා කරන්නන්ට පලදායි අස්වැන්නක් උපදවා දෙන පොළොව, දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලබයි.
8
එහෙත් එය උපදවා දෙන්නේ කටු හා ගොකටු පඳුරු පමණක්ම නම්, එහි ඇති වටිනාකමක් නැතිවාත් හැර, එය ශාප ලැබීමේ අවදානමේ සිටී. එහි අවසානය දවා දමනු ලැබීමයි.
9
අප මෙසේ පවසනවා වුව ද ප්‍රේමණීයයනි, ඔබ සම්බන්ධව නම්, ගැලවීමට අදාළ වඩා හොඳ තත්වයට ඔබ අයිති වග, අපට සහතිකයි.
10
මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.
11
එසේම ඔබ හැම කෙනකුම අවසානය දක්වා ඔබගේ බලාපොරොත්තුවේ සම්පූර්ණ සහතිකය එම උද්යෝගයෙන්ම දරා සිටිනු දැක්ම අපගේ ආශාවයි.
12
ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මඟින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය.
13
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන්ම ගැන දිවුරමින්,
14
“මම සත්තකින්ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක.
15
මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත්ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය.
16
මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ.
17
දෙවියන්වහන්සේ එබැවින් තම අභිප්‍රායේ වෙනස් නො වන ස්වභාව පොරොන්දුවේ උරුමකරුවනට වඩා විශ්වාසදායීව පෙන්වා දීමට ආශා වූ සේක්, එය දිවුරුමකින් ඇප වූ සේක.
18
එසේ කළේ, දෙවියන්වහන්සේටම බොරුකීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩිව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය.
19
ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයටම පිවිසෙයි.
20
මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
Recommended Reading
Commentary
Hebrews Commentaries
→
Devotional
Hebrews Devotional Guide
→
Get This Bible
SCV Study Bible
→