bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 13
Hebrews 13
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
1
සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න.
2
ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.
3
ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගතව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විදින්නන් ද සිහිපත් කරන්න.
4
විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත.
5
මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ.
6
එබැවින්, නිසැක විශ්වාසයෙන් අපට මෙසේ කිව හැකි ය, “ස්වාමින්වහන්සේ මාගේ උපකාරකරුවාණෝ ය; මම බය නො වන්නෙමි. මිනිසා මට කුමක් කරන්න ද?”
7
ඔබට දෙවියන්වහන්සේගේ වචනය කතා කළ නායකයින් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මෙහි ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණ කරන්න.
8
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය.
9
සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.
10
කූඩාරමේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ.
11
උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය.
12
මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක.
13
එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු.
14
මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු.
15
එබැවින් නිරතුරුව, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු.
16
යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය.
17
ඔබේ නායකයින්ට අවනතව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.
18
අප උදෙසා යාච්ඤා කරන්න. මන්ද හැම දේකදී ගෞරවනීයව ක්‍රියා කිරීමේ ආශාවෙන් යුතු පැහැදිලි හෘදය සාක්ෂියක් අපට ඇති බැව් අපට සහතික ය.
19
ඉක්මනින් යළිත් ඔබ අතරට මා එවනු ලබන පිණිස එසේ කරන මෙන් විශේෂයෙන් ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලමි.
20
සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,
21
ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.
22
සහෝදරයිනි, මාගේ මෙම අවවාදාත්මක වචන ඉවසීමෙන් පිළිගන්න මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි. මා ඔබට ලීවේ කෙටියෙනි.
23
අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි.
24
ඔබගේ නායකයින්ටත්, සියලු ශුද්ධවතුන්ටත් ආචාර කරන්න; ඉතාලියේ අය ඔබට ආචාර කරති.
25
අනුග්‍රහය ඔබ හැම සමඟ පවතීවා!
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
Recommended Reading
Commentary
Hebrews Commentaries
→
Devotional
Hebrews Devotional Guide
→
Get This Bible
SCV Study Bible
→