bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 5
Hebrews 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 6 →
1
මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකුම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධව පත් කර ගනු ලබන්නෙකි.
2
ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන.
3
ජනයාගේ පාප උදෙසා මෙන්ම, තමාගේම පාප උදෙසාත් පාප පූජා යාග කිරීමට ඔහුට යුතුව ඇත්තේ එබැවිනි.
4
ආරොන් කැඳවනු ලැබූ පරිදි, දෙවියන්වහන්සේ කැඳවනු ලැබුවොත් මිස, කිසිවකු මෙම ගෞරවය තමන්ටම පවරා ගන්නේ නැත.
5
එලෙසම ක්රිස්තුස්වහන්සේත් තමා උත්තම පූජකයකු කරනු ලැබීමේ ගෞරවය, තමාටම ගත්තේ නැත. උන්වහන්සේ පත් කරනු ලැබුවේ උන්වහන්සේට මෙසේ කී තැනැන්වහන්සේ ය, “ඔබ මාගේ පුත්රයාණන් ය; අද මම ඔබ ජනිත කළෙමි.”
6
තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.”
7
යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.
8
උන්වහන්සේ පුත්රයකු වුව ද, තමන් වින්ද දෙයින් කීකරුකම උගත් සේක.
9
තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ,
10
මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.
11
මේ සම්බන්ධව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය.
12
මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.
13
කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත.
14
එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13