bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 3
Hebrews 3
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
1
එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.
2
දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසීව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක.
3
ගෘහයට වඩා එම ගෘහය ඉදිකරන්නා ගෞරවය ලැබිය යුතු සේ, යේසුස්වහන්සේ ද මෝසෙස්ට වඩා බොහෝ ගෞරව ලබන්නට වටින බවට පිළිගනු ලැබේ.
4
මන්ද හැම ගෘහයක්ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක්ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය.
5
මතු කල පවසන දෑ ගැන සාක්ෂි දරමින්, මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයකු මෙන් විශ්වාසවන්ත වූයේ ය.
6
එහෙත් ක්රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.
7
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,
8
කාන්තාරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.
9
එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්රියා, හතළිස් වසරක්ම දුටුවහ.
10
එබැවින් ඒ පරපුර සමඟ කෝපව, මම මෙසේ කීවෙමි; ‘හදවත්වලින් ඔවුහු හැම විට මුළාව යන්නෝ ය, මාගේ මාර්ග, ඔවුන් හැඳින ගත්තේ නැත.’
11
මාගේ උදහසින් මා දිවුරූ ලෙස, ‘මාගේ විශ්රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැත.’ ”
12
සහෝදරයිනි, ජීවමාන දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරෙන දුෂ්ට, නො ඇදහිලිකාර හදවතක් ඔබ කිසිවකුට නො තිබෙන ලෙසට වගබලා ගන්න.
13
ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න.
14
මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.
15
කියා ඇති පරිදි මෙසේ ය: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, කැරැල්ලේදී ක්රියා කළ සේ, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.”
16
මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝසෙස්ගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද?
17
හතළිස් වසරක් පුරා උන්වහන්සේ කෝප වූයේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ වැටී, මළකඳන් බවට පත්වූවන් සමඟ නො වේ ද?
18
තමන්වහන්සේගේ විශ්රාමයට ඇතුළු වන්නේ නැතැයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූවන්ට මිස වෙන කවුරුන්ට ද?
19
එබැවින් එහි පිවිසීමට ඔවුන්ට නො හැකි වූයේ නො ඇදහිල්ල නිසා බැව් අපට පෙනේ.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13