bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 4
Hebrews 4
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
1
එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් වලංගුව තිබියදී, ඔබෙන් යමකු එහි ඇතුළු වීමට අසමත් වේය කියා පෙනේදෝයි බය වෙමු.
2
මන්ද ඔවුනට මෙන්ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.
3
මන්ද විශ්වාස කළ අප එම විශ්‍රාමයට ඇතුළු වන්නේ උන්වහන්සේ කී පරිදි, “මාගේ උදහසින් මා දිවුළ ලෙස, ඔවුන් මාගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැත.” එසේ වුව ද, ලෝකයේ අත්තිවාරම පටන්ම උන්වහන්සේගේ කාරිය නිම කරනු ලැබ තිබිණ.
4
මන්ද උන්වහන්සේ හත්වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත්වන දවසේ විශ්‍රාම ගත් සේකැ” යි පවසා තිබේ.
5
තවද මේ පාඨයේ, “මාගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක.
6
මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්,
7
උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ” යි “අද ය” කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ.
8
මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි.
9
දෙවියන්වහන්සේගේ ජනතාවට එබැවින්, සබත් විශ්රාමයක් තවමත් ඉතිරිව තිබේ.
10
දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන අය, උන්වහන්සේ කළ පරිදි තම වැඩවලින් විශ්‍රාම ගනිති.
11
එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්රම දරමු.
12
මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතිවිලි හා ආකල්ප විමසයි.
13
කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක්ම නිරාවරණ ය; විවෘත ය.
14
එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.
15
මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.
16
එබැවින්, දයාව හා අනුග්‍රහය අවැසි වෙලාවට ලබන පිණිස, අනුග්රහයේ සිංහාසනය වෙත දැඩි විශ්වාසයෙන් ළඟා වෙමු.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13