bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Hebrews 10
Hebrews 10
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
1
දහම් නීතිය, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එකම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත්ම නුපුළුවන.
2
කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතුව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත.
3
එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි.
4
මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත්ම කළ නො හැක්කකි.
5
එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;
6
දවන පූජා හා පාප පූජා, ඔබට ප්‍රසන්න වූයේ නැත.
7
එබැවින්, මම මෙසේ කීවෙමි; “පොතේ මා ගැන ලියවී ඇති ලෙස, අහෝ දෙවියන්වහන්ස, මෙන්න මම, ඔබගේ කැමැත්ත කරන්නට ඇවිත් සිටිමි.”
8
උන්වහන්සේ කතා කොට, “යාග හා පඬුරුවලට ද දවන පූජා හා පාප පූජාවලට ද ඔබ ආශා වූයේ නැත; ඔබට ඒවා ප්‍රසන්න වූයේ ද නැතැ” යි (මේවා ඔප්පු කරන්නේ දහම් නීතියට අනුව ය) පවසා,
9
පසුව, “මෙන්න! ඔබගේ කැමැත්ත කරන්නට මම ඇවිත් සිටිමි” යි පැවසූ සේක. මෙසේ උන්වහන්සේ දෙවැන්න ස්ථාපිත කරන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක.
10
එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.
11
අනෙක් හැම පූජකයෙක්ම, පාප දුරු කළ නො හැකි එකම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි.
12
එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.
13
එතැන් පටන්, තම සතුරන් තම පාදවලට යටත් කරනු ලබන තෙක්, උන්වහන්සේ බලා සිටින සේක.
14
මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එකම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකටම සම්පූර්ණත්වයට පත් කළ සේක.
15
ශුද්ධාත්මයාණන්වහන්සේත් ඒ ගැන අපට සාක්ෂි දෙමින් පළමු කොට මෙසේ කියන සේක:
16
“ඒ දවස්වලට පසු, මා ඔවුන් සමඟ කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; මම, මාගේ ආඥා ඔවුන්ගේ හදවත්හි තබා, ඔවුන්ගේ මනස්හි ඒවා ලියන්නෙමි.”
17
උන්වහන්සේ මෙසේ ද කියන සේක: “ඔවුන්ගේ පාප හා ඔවුන්ගේ නොපනත්කම්, මම තවත් සිහි නො කරන්නෙමි.”
18
මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත.
19
එබැවින් සහෝදරයිනි, යේසුස්වහන්සේගේ ලේ මඟින් ශුද්ධස්ථානයනට ඇතුළු වීමේ සහතිකය අපට තිබෙන බැවින්,
20
ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින්
21
හා දෙවියන්වහන්සේගේ ගෘහයට අදාළ ශ්‍රේෂ්ඨ පූජකයාණන් කෙනකු අපට සිටින බැවින්,
22
ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු.
23
පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු.
24
තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු;
25
ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.
26
සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැනම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරිව නැත;
27
ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි.
28
මෝසෙස්ගේ නීතිය ප්‍රතික්ෂේප කරන කවරකු වුව, දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි මත දයාවක් නො ලබා මරණයට පත් කරනු ලබයි.
29
ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?
30
මන්ද, “පළි ගැනීම මගේ ය; මම ආපිට දෙන්නෙමි” යි ද යළිත්, “ස්වාමින්වහන්සේ තම ජනයා විනිශ්චය කරන සේකැ” යි ද පැවසූ තැනැන්වහන්සේ කවුරුදැයි අපි දනිමු.
31
ජීවමාන දෙවියන්වහන්සේගේ හස්තයට හසුවීම භයංකර ය.
32
ඔබ ආලෝකවත් කරනු ලැබූ අලුත, පීඩා හමුවේ දැඩි පරිශ්‍රමයක් ඉසිලූ, ඒ පළමු දවස් සිහි කරන්න.
33
ඒ, විටෙක ප්‍රසිද්ධියේ නින්දා හා හිංසාවනට ලක්වෙමින් හා විටෙක එම හිංසාවලට ලක්වූවන්ගේ හවුල්කරුවන් වෙමිනි.
34
සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය.
35
එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.
36
මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු, පොරොන්දු වූ දෑ ලබන පිණිස, ඉවසා දරා සිටීම ඔබට අවශ්‍ය ය.
37
මන්ද, “එන්නට සිටින තැනැත්තාණන්, තව ස්වල්ප කලකින් එනු ඇත; උන්වහන්සේ පමා වන්නේ නැත.”
38
තවද, “මගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ; ඔහු හැකිළී පසුබට වේ නම්, ඔහු තුළ මාගේ ජීවය ප්‍රසන්න වන්නේ නැත.”
39
එහෙත් අප අයිති, හැකිළී පසුබට වී, විනාශ වන්නන්ට නො ව, අදහා ගැලවීම ලබන්නන්ට ය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
Recommended Reading
Commentary
Hebrews Commentaries
→
Devotional
Hebrews Devotional Guide
→
Get This Bible
SCV Study Bible
→