bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 1
Luke 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
1
අති උත්තමවූ තියෝපිලස්නි, පටන්ගැන්මේ සිට ඇසින් දුටුවාවුන් හා වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට,
2
අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්,
3
ඔබ යමක් ගැන ඉගෙනීම ලැබුයෙහිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස,
4
මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා, ඒ දේ පිළිවෙළින් ඔබට ලියා එවීම සුදුසුයයි සිතුවෙමි.
5
යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.
6
ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.
7
එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.
8
තවද ඔහු තමාගේ පංතියේ ක්‍රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල,
9
ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.
10
සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය.
11
එවිට දුම් පූජාසනයට දකුණු පැත්තේ ස්වාමීන්වහන්සේගේ දූතයෙකු සිටිනවා ඔහුට පෙනුණේය.
12
සෙකරියස් ඔහු දැක කැලඹී භයපත්වූයේය.
13
නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද ඔබේ කන්නලව්ව අසනලද්දේය, ඔබේ භාර්යාවවූ එලිසබෙත් ඔබ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.
14
ඔබට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය.
15
මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.
16
ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හරවන්නේය.
17
ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය.
18
සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය.
19
දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; ඔබ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය ඔබ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.
20
බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන ඔබ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, ඔබ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.
21
සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය.
22
ඔහු පිටත ආ කල ඔවුන්ට කථාකරන්ට ඔහුට බැරිවිය. ඔහු දේවමාළිගාවේදී දර්ශනයක් දුටු බව ඔව්හු දැනගත්තෝය; ඔහු ගොළුව ඔවුන්ට සංඥාකරමින් සිටියේය.
23
තවද තමාගේ මෙහෙකිරීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ස්වකීය ගෙදරට ගියේය.
24
භාර්යාවූ ඒ දවස්වලට පසු ඔහුගේ එලිසබෙත් ගර්භිණීව:
25
මනුෂ්‍යයන් අතරේ වූ මාගේ නින්දාව පහකරන පිණිස ස්වාමීන්වහන්සේ මා දෙස බැලූ දවස්වලදී මට මෙසේ කරුණාකළසේකැයි කියා, පස් මසක් සැඟවී සිටියාය.
26
සවෙනි මාසයේදී, ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ, දාවිත්ගේ වංශයෙහිවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙකුට විවාහබස් දී සිටි,
27
කන්‍යාවකු වෙතට දෙවියන්වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවනලද්දේය; ඒ කන්‍යාවගේ නාමය මරියාය.
28
ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීවේය.
29
නුමුත් ඈ ඔහුගේ කීමට බොහොසේ කැලඹී, මේ කෙබඳුවූ ආචාරයක්ද කියා කල්පනාකරමින් සිටියාය.
30
දේවදූතයා ඈට කථාකොට: මරියා, භය නොවන්න. මක්නිසාද ඔබට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය.
31
බලව, ඔබ භාර්භණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න.
32
උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක.
33
උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම්කරනසේක; උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේයයි කීයේය.
34
එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය.
35
දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද ඔබ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
36
බලව, ඔබට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.
37
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
38
මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.
39
ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්,
40
සෙකරියස්ගේ ගෙට ඇතුල්ව, එලිසබෙත්ට ආචාරකළාය.
41
එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව,
42
මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: ඔබ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, ඔබේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය.
43
මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද?
44
මක්නිසාද ඔබේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය.
45
විශ්වාසකළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය.
46
එවිට මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි,
47
මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.
48
මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.
49
මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය.
50
උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට භයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතියි.
51
උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.
52
උන්වහන්සේ අධිපතීන් සිංහාසන වලින් හෙළා, පහත් අය උසස්කළසේක.
53
බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.
54
උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද
55
සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.
56
මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.
57
එලිසබෙත්ගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල ඈ පුත්‍රයෙකු බිහිකළාය.
58
ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමීන්වහන්සේ ඈ කෙරෙහි ස්වකීය කරුණාව විශාලකළ බවඅසා, ඈ සමඟ ප්‍රීතිවූවෝය.
59
තවද අටවෙනිදා දරුවා චර්මඡේදනයකරන පිණිස ඔව්හු ඇවිත්, ඔහුගේ පියාගේ නාමය ලෙස ඔහුට සෙකරියස්යයි නම් තබන්ට හැදුවෝය. නුමුත් ඔහුගේ මවු උත්තරදෙමින්:
60
එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය.
61
ඔබේ නෑයන් අතරේ මේ නාමය ඇති කෙනෙක් නැතැයි ඔව්හු ඈට කීවෝය.
62
ඔහුගේ පියා ඔහුට මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥාකළෝය.
63
ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන: ඔහුගේ නම යොහන්යයි ලියුවේය. සියල්ලෝද මවිතවූවෝය.
64
එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය.
65
ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය.
66
ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන: එසේ නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදැයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූයේය.
67
ඔහුගේ පියවූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින්:
68
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදාදුන්සේක.
69
ලෝකයේ පටන්ගැන්මෙහි සිට විසූ ස්වකීය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවු ලෙස
70
අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද
71
අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.
72
මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගළවා, අපේ සියලු දවස්වල භයක් නැතුව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද
73
උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස,
74
අපේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම වන
75
තමන්ගේ ශුද්ධවූ ගිවිසුම සිහිකොට, අපේ පියවරුන්ට කරුණාව පෙන්වනසේක.
76
එසේය, දරුව, ඔබ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද ඔබ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට,
77
එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට,
78
උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්,
79
අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය.
80
දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්රායෙල්ට තමා ප්රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24