bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 10
Luke 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 11 →
1
ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක.
2
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.
3
ඔබ සැම යන්න. බලව, වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් ඔබ සැම යවමි.
4
පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.
5
ඔබ සැම යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.
6
සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් ඔබ සැමගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය ඔබ සැම කරා පැමිණෙන්නේය.
7
ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.
8
ඔබ සැම යම් නුවරකට ඇතුල්වූ කල ඔව්හු ඔබ සැම පිළිගන්නෝ නම්, ඔබ සැම ඉදිරියෙහි තබන දේ කන්න.
9
එහි ඉන්න රෝගීන් සුවකරන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ සැම ළඟට පැමුණුණේයයි ඔවුන්ට කියන්න.
10
නුමුත් යම් නුවරකට ඔබ සැම ඇතුල්වූ කල ඔව්හු ඔබ සැම පිළිනොගන්නෝ නම් ඒ නුවර වීථිවලට ගොස්:
11
අපේ පාදවල ඇලෙන ඔබ සැමගේ නුවර ධූලි පවා ඔබ සැමට විරුද්ධව අපි ගසාදමමුව. එසේවී නුමුත් දෙවියන්වහන්සේ රාජ්‍යය ළංවී තිබෙන බව දැනගන්නැයි කියන්න.
12
ඔබ සැමට කියමි-ඒ දවසෙහි ඒ නුවරට වඩා සොදොමට ඉවසිය හැකි වන්නේය.
13
කොරාශින්, ඔබට දුක්වේ! බෙත්සයිදා, ඔබට දුක්වේ! ඔබ ඇතුළේ කළ බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි කළා නම්, ඔව්හු මීට ප්‍රථම ගෝනිරෙදි ඇඳ, අලුයෙහි ඉඳ, පසුතැවිල්ලට පැමුණුණෝ වෙති.
14
එසේවී නුමුත් විනිශ්චයෙහිදී ඔබට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය.
15
එම්බා කපර්ණවුම, ඔබ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නීය.
16
ඔබ සැමගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ සැම එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.
17
ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.
18
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.
19
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් ඔබ සැමට බලය දී තිබේ. කොයි දෙයකින්වත් ඔබ සැමට අන්තරායක් නොවන්නේය.
20
එසේවුවත් ආත්මයන් ඔබ සැමට යටත්වන නිසා නොව ඔබ සැමගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
21
ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.
22
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.
23
එවිට උන්වහන්සේ ගෝලයන් දෙසට හැරී අප්‍රසිද්ධයෙන් කියනසේක්: ඔබ සැම දකින දේ දකින ඇස් වාසනාවන්තය.
24
මක්නිසාද ඔබ සැමට කියමි-ඔබ සැම දකින දේ දකින්ටත් අසන දේ අසන්ටත් බොහෝ අනාගතවක්තෘවරුද රජවරුද ආශාවෙන් සිටියෝය; නුමුත් දුටුවේවත් ඇසුවේවත් නැතැයි කීසේක.
25
බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.
26
උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? ඔබ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.
27
ඔහු උත්තරදෙමින්: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් ඔබට මෙන් ඔබේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.
28
උන්වහන්සේ: ඔබ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට ඔබ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව:
29
මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
30
යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.
31
එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
32
එසේම ලෙවීයයෙක්ද එතැනට පැමිණ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
33
නුමුත් එක්තරා සමාරියයෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත්, ඔහු දැක අනුකම්පාකොට,
34
ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්, ඔහු බලාගත්තේය.
35
පසුවදා ඔහු මසු දෙකක් රැගෙන තානායම්කාරයාට දී: මොහු බලාගන්න; මීට වැඩියෙන් ඔබ වියදම්කරන දෙයක් මම නැවත ආ කල ඔබට ගෙවන්නෙමියි කීවේය.
36
ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා ඔබ සිතන්නෙහිදැයි ඇසූසේක.
37
ඔහුට කරුණාකළ තැනැත්තේයයි ඔහු කීවේය. ඔබත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.
38
තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වූසේක. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රියෙක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය.
39
ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය; ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.
40
නුමුත් මාර්තා බොහෝ උපස්ථානකිරීමෙන් කරදරව සිටියාය; ඈ උන්වහන්සේ වෙතට ඇවිත්: ස්වාමිනි, මාගේ සහෝදරී තනියම උපස්ථානකරන්ට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාරකරන ලෙස ඈට කිව මැනවයි කීවාය.
41
නුමුත් ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත්
42
ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24