bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 4
Luke 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
1
යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන
2
සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේ බඩගිනිවිය.
3
එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය.
4
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
5
එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩමකට ගෙනගොස්, ක්ෂණයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා,
6
උන්වහන්සේට කථාකොට: මේ මුළු බලයද එහි ඓශ්වර්යයද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි.
7
එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාරකරන්නෙහි නම් ඒ සියල්ලම ඔබට වන්නේයයි උන්වහන්සේට කීවේය.
8
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි කීසේක.
9
එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙනගොස්, දේවමාළිගාව මුදුනේ සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න;
10
මක්නිසාද, ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අණදෙනසේක කියාත්,
11
ඔබගේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු අත් පිට ඔබ උසුලාගන්නෝය කියාත් ලියා තිබේයයි උන්වහන්සේට කීවේය.
12
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක.
13
යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.
14
එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය.
15
උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින්, සියල්ලන්ගෙන් ප්‍රශංසා ලැබූසේක.
16
උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.
17
එවිට අනාගතවක්තෘවූ යෙසායාගේ පොත උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේ පොත දිගහැර:
18
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
19
ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශකරන්ටද උන්වහන්සේ මා එවුසේකැයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන,
20
පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.
21
උන්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: අද ඔබ සැම අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි කීසේක.
22
සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.
23
එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, ඔබ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම ඔබේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.
24
සැබවක් ඔබ සැමට කියමි-කිසි අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටෙහිදී පිළිගනු නොලබන්නේය.
25
සැබවක් ඔබ සැමට කියමි-එලියාගේ දවස්වලදී තුන් අවුරුදු සමසක් අහස පියවී, රට මුළුල්ලෙහි මහත් සාගතයක් පැවති කල, ඉශ්රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය නුමුත්,
26
සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එලියා යවනු නොලැබුයේය.
27
අනාගතවක්තෘවූ එලිෂාගේ කාලයේදී ඉශ්රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, සිරියාවේ නාමන් මිස ඔවුන්ගෙන් කිසිවෙක් පවිත්‍රකරනු නොලැබුයේයයි කීසේක.
28
සියල්ලෝ ඒ අසා, සිනගෝගයෙහිදී ක්‍රෝධයෙන් පිරී,
29
නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය.
30
නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක.
31
උන්වහන්සේ ගලීලයේ නුවරක්වූ කපර්ණවුමට පැමිණ, සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක.
32
උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූවෝය.
33
අශුද්ධ යක්ෂආත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිනගෝගයෙහි සිටියේය;
34
ඔහු මහත් හඬින් මොරගසමින්: අහෝ! නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශකරන්ට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීවේය.
35
යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.
36
සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.
37
තවද වටකර පළාතේ සෑමතැන්හි උන්වහන්සේ ගැන ආරංචියක් පතළවිය.
38
උන්වහන්සේ සිනගෝගයෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල්වූසේක. සීමොන්ගේ භාර්යාවගේ මවුට බලවත් උණරෝගයක් වැළඳී තිබුණේය; ඔව්හු ඈ උදෙසා උන්වහන්සේට කන්නලව් කළෝය.
39
උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.
40
ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක.
41
යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.
42
පහන්වූ කල උන්වහන්සේ පිටත්ව වනාන්තර ස්ථානයකට ගියසේක. සමූහයෝ උන්වහන්සේ සොයමින් උන්වහන්සේ ළඟට පැමිණ, ඔවුන් කෙරෙන් නොයන ලෙස උන්වහන්සේ නවත්වාගන්ට උත්සාහකළෝය.
43
නුමුත් උන්වහන්සේ: මා විසින් අනික් නුවරවලත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමියි ඔවුන්ට කීසේක.
44
උන්වහන්සේ ගලීලයේ සිනගෝගවලදී දේශනාකරමින් සිටිසේක.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24