bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 14
Luke 14
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 15 →
1
තවද උන්වහන්සේ සබත් දවසකදී කෑම කන පිණිස පරිසිවරුන්ගෙන් ප්‍රධානියෙකුගේ ගෙදරට පැමිණි කල ඔව්හු උන්වහන්සේ ගැන රැක බලා සිටියෝය.
2
බලව, උන්වහන්සේ ඉදිරියෙහි දියඋදර රෝගීවූ මනුෂ්‍යයෙක් සිටියේය.
3
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද ඇසූසේක.
4
නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය. උන්වහන්සේ ඔහු අතින් අල්ලා, සුවකොට ඇරියසේක.
5
උන්වහන්සේ ඔවුන්ට කථාකරමින්: ඔබ සැමගෙන් කවරෙකුගේවත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේදී ළිඳක වැටුණොත් එකෙණෙහිම ඌ ගොඩට ඇදගන්නේ නැද්දැයි ඇසූසේක.
6
ඊට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණේය.
7
කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:
8
යමෙක් විසින් සරණ මංගල්‍යයකට ඔබ කැඳවනු ලැබූ කල්හි ප්රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට ඔබට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්,
9
ඔබත් ඔහුත් කැඳවූ තැනැත්තා ඇවිත්-මොහුට ඉඩදෙන්නැයි ඔබට කීවොත්, ඔබ ලජ්ජාවෙන් පහත් ස්ථානයට යන්ට පටන් ගන්නෙහිය.
10
නුමුත් ඔබ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි ඔබට කීවොත්, ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහිය.
11
මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.
12
උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: ඔබ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, ඔබේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත ඔබ කැඳවන්නෝය, එවිට ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේය.
13
නුමුත් ඔබ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.
14
ඔබට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් ඔබට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.
15
උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් ඒ දේ අසා: දෙවියන්වහන්සේගේ රාජ්යහිදී කෑම කන තැනැත්තේ වාසනාවන්තයෙකැයි උන්වහන්සේට කීවේය.
16
නුමුත් උන්වහන්සේ ඔහුට කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් මහත් රාත්‍රි කෑමක් පිළියෙළකොට බොහෝ දෙනෙකු කැඳෙවුවේය.
17
කෑම වේලාව පැමිණි කල: එන්න, සියල්ලම දැන් සූදානම්යයි කැඳවනු ලැබූවන්ට කියන පිණිස ඔහු තමාගේ දාසයා යැවීය.
18
නුමුත් ඔවුන් සියල්ලෝම නෑවිත් සිටීමට එකලෙස කාරණා කියන්ට පටන්ගත්තෝය. පළමුවෙනියා: මම කෙතක් මිලේට ගතිමි, ඒක බලන්ට යන්ටම ඕනෑය. මට කමාවෙන මෙන් ඔබෙන් ඉල්ලමියි ඔහුට කීවේය.
19
තවත් කෙනෙක්: මම ගොන් පස්බානක් මිලේට ගතිමි, උන් හොඳද කියා බලන්ට යමි. මට කමාවෙන මෙන් ඔබෙන් ඉල්ලමියි ඔහුට කීවේය.
20
තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය.
21
ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: ඔබ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය.
22
දාසයාද: ස්වාමිනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය.
23
එවිට ස්වාමියා දාසයාට කථාකොට: ඔබ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය.
24
මක්නිසාද ඔබ සැමට කියමි-කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.
25
තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේක්:
26
මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
27
තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
28
මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ ඔබ සැමගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?
29
එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ:
30
මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.
31
නොහොත් වෙන රජෙකුට විරුද්ධව යුද්ධයට යන කවර රජෙක් තමාට විරුද්ධව විසිදහසක් ගෙනඑන්නාවූ ඔහු ඉදිරියට දසදහසක් සමඟ යන්ට පුළුවන්දෝ කියා පළමුකොට හිඳ මන්ත්‍රණය නොකරන්නේද?
32
බැරිනම් ඒ රජ දුර සිටියදීම ඔහු පණිවිඩයක් යවා, සමාදාන ගිවිසුම් ඉල්ලා සිටියි.
33
එසේම ඔබ සැම අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය. ඉඳින් ලුණු හොඳය.
34
නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද?
35
පොළොවටවත් කසළ ගොඩටවත් ඒවා සුදුසු නැත. ඒවා අහක දමති. අසන්ට කන් ඇත්තේ අසාවයි කීසේක.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24