bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 13
Luke 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
1
තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය.
2
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඒ ගලීලයෝ ඒ දේ වින්ද බැවින් සියලු ගලීලයන්ට වඩා පව්කාරයෝව සිටියෝයයි සිතවුද?
3
එසේ නොවේයයි ඔබ සැමට කියමි. පසුතැවිලි නූණොත් ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝය.
4
නොහොත් සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි ඔබ සැම සිතවුද?
5
එසේ නොවේයයි ඔබ සැමට කියමි. ඔබ සැම පසුතැවිලි නූණොත්, ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.
6
උන්වහන්සේ මේ උපමාව කියනසේක්: එක් මනුෂ්‍යයෙකුගේ මිදිවත්තෙහි අත්තික්කා ගහක් හිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය, නුමුත් කිසිවක් සම්බවුණේ නැත.
7
එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය.
8
ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.
9
ඉන්පසු ඵල දැරුවොත් යහපත; නැත්නම් ඒක කපාදමන්ට පුළුවනැයි ඔහුට කීවේයයි කීසේක.
10
උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.
11
බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ, කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.
12
යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, ඔබේ දුර්වලකමින් ඔබ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
13
එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.
14
යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.
15
නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, ඔබ සැමගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?
16
එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.
17
උන්වහන්සේ මෙසේ කී කල්හි උන්වහන්සේගේ සියලු විරුද්ධකාරයෝ ලජ්ජාවට පැමිණියෝය. මුළු සමූහයාද උන්වහන්සේ විසින් කළ සියලු තේජවන්ත දේවල් ගැන ප්‍රීති වුණෝය.
18
එබැවින් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානද? ඒක කුමකට සමානකරම්ද?
19
එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.
20
නැවතත් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරම්ද?
21
ස්ත්‍රියෙකු විසින් පිටිනැළි තුනක් සහමුලින්ම පිපෙන තෙක් එහි දමා තිබූ මුහුන්වලට එය සමානයයි කීසේක.
22
උන්වහන්සේ යෙරුසලමට ගමන්කරද්දී උගන්වමින් නුවරවල් සහ ගම් මැදින් ගියසේක.
23
එක් කෙනෙක් කථාකොට: ස්වාමිනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:
24
පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි ඔබ සැමට කියමි.
25
ගෙයි ස්වාමියා නැගිට දොර වැසුවායින් පසු, ඔබ සැම පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: ඔබ සැම කොතැනින් ආවාද කියා නොදනිමියි ඔබ සැමට කියන්නේය.
26
එවිට ඔබ සැම: අපි ඔබ ඉදිරියෙහි කෑවෙමුව, බීවෙමුව, ඔබ අපේ වීථිවල ඉගැන්වූසේකැයි කියන්ට පටන්ගන්නහුය.
27
නුමුත් උන්වහන්සේ කථාකොට: ඔබ සැම කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.
28
ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගතවක්තෘවරුන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි සිටිනවාත් ඔබ සැමම පිටත දමනු ලබනවාත් ඔබ සැම දකින කල, එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.
29
තවද මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නෝය.
30
බලව, දැන් අන්තිමයෝව සිටින්නාවූ සමහරෙක් ප්‍රථමයෝද දැන් ප්‍රථමයෝව සිටින්නාවූ සමහරෙක් අන්තිමයෝද වන්නෝයයි කීසේක.
31
ඒ පැයේදීම පරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය.
32
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා අදත් හෙටත් යක්ෂයන් දුරුකර, රෝග සුවකර, තුන්වෙනිදා සම්පූර්ණවීමට පැමිණෙන බව ඔබ සැම ගොස් ඒ හිවලාට කියන්න.
33
එසේ වුවත්, අදත් හෙටත් අනිද්දාත් මා විසින් ගමන්කරන්ට ඕනෑය. කුමක්හෙයින්ද යෙරුසලමෙන් පිටදී අනාගතවක්තෘ කෙනෙකුගේ විනාශය නොවන්නේය.
34
අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, ඔබ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් ඔබේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් ඔබ සැම කැමතිවුණේ නැත.
35
මෙන්න, ඔබ සැමගේ ගෘහය (පාළුව) ඔබ සැමට අත්හරිනු ලබන්නේය. තවද: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලත්තෙකැයි ඔබ සැම කියන තුරු ඔබ සැම මා නොදක්නහුයයි ඔබ සැමට කියමියි කීසේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24