bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 3
Luke 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,
2
තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි, දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය.
3
ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරව්. උන්වහන්සේගේ මාවත් සමතලා කරව්.
4
සෑම මිටිතැන් පුරවනු ලබන්නේය, සෑම කඳු සහ හෙල් පහත්කරනු ලබන්නේය; ඇද තැන් ඇද හරිනු ලැබ රළු මාවත් සමතලාවන්නේය;
5
සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝයයි වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ වචන සඳහන්වූ පොතෙහි ලියා තිබෙන ලෙස,
6
යොහන් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.
7
එකල ඔහු තමාගෙන් බව්තීස්මය ලබන්ට ආවාවූ සමූහයන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට ඔබ සැමට අවවාද කළේ කවුරුද?
8
එබැවින්-ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔබ සැමට කියමි.
9
තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය.
10
එවිට සමූහයෝ: එසේවී නම් අප විසින් කුමක් කරන්ට ඕනෑදැයි ඔහුගෙන් ඇසුවෝය.
11
ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.
12
සුංගම් අයකරන්නෝද බව්තීස්මය ලබන්ට ඇවිත්: ආචාරිනි, අප විසින් කුමක් කරන්ට ඕනෑදෑයි ඔහුගෙන් ඇසුවෝය.
13
ඔබ සැමට නියමකර තිබෙන පමණට වඩා අයකර නොගන්නැයි ඔහු ඔවුන්ට කීයේය.
14
හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; ඔබ සැමගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
15
සෙනඟ බලාපොරොත්තුවෙන් සිටි අතරද සියල්ලන් යොහන් ගැන, ඔහු ක්‍රිස්තුස්වහන්සේ දෝහෝයි සිතින් කල්පනාකරමින් සිටි අතරද
16
යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද ඔබ සැම බව්තීස්ම කරනසේක.
17
කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.
18
මෙසේ වෙනත් බොහෝ අනුශාසනාවලින් ඔහු සෙනඟට ශුභාරංචිය දේශනාකෙළේය;
19
නුමුත් දේශාධිපතිවූ හෙරොද් තමාගේ සහෝදරයාගේ භාර්යාවවූ හෙරෝදියස් නිසාද තමා කළ සියලු නපුරු දේ නිසාද යොහන්ගෙන් තරවටු ලැබ,
20
යොහන් හිරගෙයි දැමීමෙන් ඒ සියල්ලට වැඩි නපුරක් කෙළේය.
21
තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූවිට යේසුස්වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී,
22
ශුද්ධාත්මයාණන්වහන්සේ රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට: ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.
23
යේසුස්වහන්සේ උගන්වන්ට පටන්ගත් කල අවුරුදු තිහක් පමණ වයස්ව සිටිසේක; උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයායයි මනුෂ්‍යයෝ සිතුවෝය. යෝසෙප් හේලීගේ පුත්‍රයාය,
24
ඔහු මත්තාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු මෙල්කීගේ පුත්‍රයාය, ඔහු යන්නයිගේ පුත්‍රයාය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයාය,
25
ඔහු මත්තාතියස්ගේ පුත්‍රයාය, ඔහු ආමොස්ගේ පුත්‍රයාය, ඔහු නාහුම්ගේ පුත්‍රයාය, ඔහු එස්ලීගේ පුත්‍රයාය, ඔහු නග්ගයිගේ පුත්‍රයාය,
26
ඔහු මායත්ගේ පුත්‍රයාය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයාය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයාය, ඔහු යෝසෙක්ගේ පුත්‍රයාය, ඔහු යෝදාගේ පුත්‍රයාය,
27
ඔහු යොවාන්ගේ පුත්‍රයාය, ඔහු රෙසාගේ පුත්‍රයාය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයාය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයාය, ඔහු නේරිගේ පුත්‍රයාය,
28
ඔහු මෙල්කීගේ පුත්‍රයාය, ඔහු අද්දිගේ පුත්‍රයාය, ඔහු කෝසම්ගේ පුත්‍රයාය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයාය,
29
ඔහු ඒර්ගේ පුත්‍රයාය, ඔහු යේසුස්ගේ පුත්‍රයාය, ඔහු එලියේශෙර්ගේ පුත්‍රයාය, ඔහු යෝරිම්ගේ පුත්‍රයාය, ඔහු මත්තාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය,
30
ඔහු සිමියොන්ගේ පුත්‍රයාය, ඔහු යූදස්ගේ පුත්‍රයාය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයාය, ඔහු යෝනාම්ගේ පුත්‍රයාය, ඔහු එලියාකීම්ගේ පුත්‍රයාය,
31
ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,
32
ඔහු යෙස්සේගේ පුත්‍රයාය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයාය, ඔහු බෝවාශ්ගේ පුත්‍රයාය, ඔහු සල්මොන්ගේ පුත්‍රයාය, ඔහු නාෂොන්ගේ පුත්‍රයාය,
33
ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්රෙන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,
34
ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,
35
ඔහු සෙරූග්ගේ පුත්‍රයාය, ඔහු රෙව්ගේ පුත්‍රයාය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයාය, ඔහු ඒබෙර්ගේ පුත්‍රයාය, ඔහු ෂෙලාගේ පුත්‍රයාය,
36
ඔහු කායිනන්ගේ පුත්‍රයාය, ඔහු ආර්පක්සද්ගේ පුත්‍රයාය, ඔහු ෂෙම්ගේ පුත්‍රයාය, ඔහු නෝවාගේ පුත්‍රයාය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයාය,
37
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,
38
ඔහු ඒනොස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24