bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Luke 11
Luke 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
1
තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමිනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය.
2
උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: ඔබ සැම යාච්ඤාකරන කල-පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
3
අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව.
4
අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.
5
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියෙහි ඔහු ළඟට ගොස්: මිත්‍රය, රොටි තුනක් මට ණයට දෙන්න;
6
මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්,
7
ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට ඔබට දෙන්ට බැරියයි කියයිද?
8
ඔබ සැමට කියමි-ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක.
9
මමද ඔබ සැමට කියමි: ඉල්ලන්න, එවිට ඔබ සැමට දෙනු ලැබේ; සොයන්න, එවිට ඔබ සැමට සම්බවේ; තට්ටුකරන්න; එවිට ඔබ සැමට දොර හරිනු ලැබේ.
10
මක්නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ.
11
ඔබ සැම අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද?
12
නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද?
13
මෙසේ නපුරුවූ ඔබ සැම ඔබ සැමගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක.
14
උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය.
15
නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් කථාකොට: ඔහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි කීවෝය.
16
අන්සමහරු උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
17
නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කියනසේක්: තමාටම විරුද්ධව භේදවූ යම් රාජ්‍යයක් ඇද්ද ඒක පාළුවන්නේය; ගෙදරකට භේදවූ ගෙදරක් වැටීයන්නේය;
18
ඉදින් සාතන් තමාටම විරුද්ධව භේදව සිටි නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මක්නිසාද මා යක්ෂයන් දුරුකරන්නේ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි ඔබ සැම කියන්නහුය.
19
නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, ඔබ සැමගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු ඔබ සැමගේ විනිශ්චයකාරයෝ වන්නෝය.
20
නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ සැම කෙරෙහි පැමිණ තිබේ.
21
යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ.
22
නුමුත් ඔහුට වඩා බලවන්තයෙක් ඔහු කරා පැමිණි කල, ඔහු පරාජයකොට, ඔහු විශ්වාසකළ ඔහුගේ සියලු යුද්ධායුධ උදුරාගෙන, කොල්ලකාගත් දේ බෙදාදෙන්නේය.
23
මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය.
24
අශුද්ධාත්මය මනුෂ්‍යයාගෙන් දුරුව ගිය කල, නිවාඩු සොයමින්, දිය නැති තැන්වල ඇවිද, එය නොලැබුණු බැවින්. ඔහු කථාකොට: මම පිටත්ව ආ මාගේ ගෙට හැරී යමියි කියයි.
25
ඔහු එහි පැමිණි කල, එය අතුගා සරහා තිබෙනවා සම්බවේ.
26
එවිට ඔහු ගොස් තමාට වඩා නපුරුවූ වෙන ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය; ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එවිට ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේයයි කීසේක.
27
තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය.
28
උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
29
සමූහයන් උන්වහන්සේ වෙත රැස්ව එන කල්හි උන්වහන්සේ කථාකරන්ට පටන්ගෙන: මේ පරම්පරාව නපුරු පරම්පරාවක්ය. ඔව්හු ලකුණක් සොයති; නුමුත් යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය.
30
මක්නිසාද යෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද, එසේම මනුෂ්‍ය පුත්‍රයා මේ පරම්පරාවට ලකුණක් වන්නේය.
31
දකුණු දික්හි බිසව මේ පරම්පරාවේ මනුෂ්‍යයන් සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවල සිට ආවාය. බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
32
නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
33
කිසිවෙක් පහනක් දල්වා, ඇතුල්වන්නන්ට එළිය ලැබෙන පිණිස පහන්රුක උඩ තබනවා මිස, යට ගබඩාවකවත් කුරුණියක් යටවත් නොතබයි.
34
ශරීරයේ පහන නම් ඔබේ ඇසය. ඔබේ ඇස පැහැදිලිව තිබෙන විට ඔබේ මුළු ශරීරයත් එළියවන්නේය; නුමුත් එය නරකව තිබෙන විට ඔබේ ශරීරයත් අඳුරුවන්නේය.
35
එබැවින් ඔබ තුළ තිබෙන එළිය අඳුරු නොවන ලෙස බලාගන්න.
36
ඒ නිසා ඔබේ මුළු ශරීරය එහි අඳුරු තැනක් නැතුව එළියෙන් පිරී තිබේ නම්, පහන දීප්තිමත්ව බැබළීමෙන් ඔබට එළිය දෙන ලෙසම, ඒක සම්පූර්ණයෙන්ම එළියවන්නේයයි කීසේක.
37
උන්වහන්සේ කථාකරද්දී පරිසියෙක් තමා සමඟ කෑම කන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඇතුල්ව කෑමට වැඩහුන්සේක.
38
පරිසියා ඒ දැක උන්වහන්සේ කෑමට පළමුවෙන් අත් නොසේදූ නිසා පුදුමවුණේය.
39
ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: පරිසිවරුවූ ඔබ සැම කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් ඔබ සැමගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ.
40
අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද?
41
එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම ඔබ සැමට පවිත්රවේ.
42
පරිසිවරුනි, ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් ඔබ සැම විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය.
43
පරිසිවරුනි, ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය.
44
ඔබ සැමට දුක්වේ! මක්නි-සාද ඔබ සැම නොපෙනෙන සොහොන් ගෙවලට සමානය, ඒවා උඩ ඇවිදින මිනිස්සු ඒවා නොදනිතියි කීසේක.
45
ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් දෝෂාරෝපණයකරනසේකැයි කීවේය.
46
උන්වහන්සේ කියනසේක්: ව්‍යවස්ථාව උගන්වන්නෙනි, ඔබ සැමටත් දුක්වේ! මක්නිසාද උසුලන්ට අමාරු බර ඔබ සැම මනුෂ්‍යයන් පිට තබන්නහුය, නුමුත් ඔබ සැමගේ එක ඇඟිල්ලක්වත් ඒ බරවලට තබන්නේ නැත.
47
ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැමගේ පියවරුන් විසින් මැරූ අනාගතවක්තෘවරුන්ගේ සොහොන්කොත් ඔබ සැම ගොඩනගන්නහුය.
48
මෙසේ ඔබ සැම ඔබ සැමගේ පියවරුන්ගේ ක්‍රියාවලට සාක්ෂිකාරයෝව, ඊට එකඟවන්නහුය. මක්නිසාද ඔව්හු ඔවුන් මැරුවෝය, ඔබ සැම ඔවුන්ගේ සොහොන්කොත් ගොඩනගන්නහුය.
49
එහෙයින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තොමෝ කියන්නී: අනාගතවක්තෘන්ද ප්‍රේරිතයන්ද ඔවුන් ළඟට යවන්නෙමි; ඔව්හු ඔවුන්ගෙන් සමහරෙකු මරා සමහරෙකුට පීඩාකරන්නෝය;
50
මෙසේ ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත් ශුද්ධස්ථානයටත් අතරෙහි මරන ලද සෙකරියාගේ ලේ දක්වා,
51
ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි ඔබ සැමට කියමි.
52
ව්‍යවස්ථාව උගන්වන්නෙනි, ඔබ සැමට දුක්වේ! ඔබ සැම දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. ඔබ සැමම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.
53
උන්වහන්සේ එතැනින් පිටත්ව ආ කල්හි ලියන්නෝද පරිසිවරුද උන්වහන්සේ ගැන රැක සිට, උන්වහන්සේගේ මුඛයෙන් යමක් අසුකරගන්න පිණිස උන්වහන්සේ තදලෙස පොළඹවා,
54
උන්වහන්සේ ලවා බොහෝ දේ ගැන කථාකරවන්ටත් පටන්ගත්තෝය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24