bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 1
Proverbs 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 2 →
1
ඉශ්‍රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.
2
ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;
3
ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;
4
අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
5
හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
6
ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.
7
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.
8
මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ගුරුකම අසන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
9
මක්නිසාද ඒවා ඔබේ හිසට හොබනා මාලාවක්ද ඔබේ බෙල්ලට මාලයක්ද වෙත්.
10
මාගේ පුත්‍රය, පව්කාරයෝ ඔබ පොළඹත් නම්, එකඟ නොවන්න.
11
ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;
12
ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;
13
සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු;
14
ඔබ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි කියන නුමුත්,
15
මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; ඔබේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න.
16
මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
17
යම්කිසි පක්ෂියෙකුට පෙනෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය.
18
ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණය විරුද්ධව සැඟවී සිටිති.
19
ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.
20
ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;
21
මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
22
එනම් නුවණ නැත්තෙනි, ඔබ සැම අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
23
මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය ඔබ සැම කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන ඔබ සැමට දන්වන්නෙමි.
24
මක්නිසාද මම අඬගැසීමි, ඔබ සැම අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;
25
ඔබ සැම මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.
26
එබැවින් මමත් ඔබ සැමගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; ඔබ සැමට භය පැමිණෙන විටද,
27
ඔබ සැමගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, ඔබ සැමගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, ඔබ සැම කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
28
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
29
මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.
30
ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.
31
එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
32
මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය.
33
නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31