bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 10
Proverbs 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 11 →
1
(22:16 දක්වා) සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
2
දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
3
ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
4
අලස අතකින් ක්රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.
5
ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.
6
ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.
7
ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.
8
ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.
9
ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
10
ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
11
ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.
12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.
13
නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.
14
ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.
15
ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.
16
ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.
17
ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.
18
වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.
19
වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
20
ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය; දුෂ්ටයන්ගේ සිත අගය නැත.
21
ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයෙති.
22
ස්වාමීන්වහන්සේ ගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
23
නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.
24
දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය.
25
සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.
26
දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
27
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
28
ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
29
ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
30
ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ.
31
ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ.
32
ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31