bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 15
Proverbs 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
1
මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.
2
ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.
3
ස්වාමීන්වහන්සේ ගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.
4
ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.
5
මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.
6
ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.
7
ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.
8
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
9
දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
10
මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ; අවවාදයට ද්වේෂකරන්නා නසින්නේය.
11
ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
12
නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත; ඔහු ප්‍රඥාවන්තයන් ළඟට නොයන්නේය.
13
තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.
14
නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි.
15
දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය.
16
කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.
17
වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
18
තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.
19
අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.
20
ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි.
21
නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.
22
මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.
23
මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද!
24
පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.
25
ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.
26
දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය.
27
ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.
28
ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.
29
ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
30
ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ; යහපත් ආරංචියෙන් ඇට තරවේ.
31
ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.
32
ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.
33
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31