bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 30
Proverbs 30
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 31 →
1
යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය. ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
2
සැබවින් මම සියල්ලන්ටම වඩා මූඪව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
3
මම ප්‍රඥාව ඉගෙන නොගතිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැන්ම මට නැත.
4
ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.
5
දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
6
උන්වහන්සේ ඔබට තරවටු නොකරන පිණිසත් ඔබ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
7
කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
8
වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට,
9
මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්යකළ මැනව.
10
වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු ඔබට ශාපකරන්නේය, ඔබද වරදකාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.
11
තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
12
තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
13
උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.
14
පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
15
දෙන්න, දියන්නැයි කියන දූවරු දෙදෙනෙක් කූඩැල්ලාට ඇත. කිසිකලක තෘප්තියට නොපැමිණෙන්නාවූ දේවල් තුනක් තිබේ, එසේය, ඇතැයි නොකියන දේවල් සතරක් තිබේ.
16
එනම්, මිනීවළද; වඳ ගැබද; ජලයෙන් තෘප්තියට නොපැමිණෙන පොළොවද; ඇතැයි නොකියන ගින්නද යන මේවාය.
17
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
18
මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.
19
එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.
20
මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය; ඈ කාලා කට පිහදමා: මම දුෂ්ටකමක් නොකෙළෙමියි කියන්නීය.
21
කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.
22
එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;
23
ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
24
කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:
25
කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
26
බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;
27
පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;
28
හූනා දෑතින් අල්ලාගන, රජ මාළිගාවල සිටියි.
29
අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:
30
මෘගයන් අතරෙන් ඉතා බලවන්තයාවූ, කිසිවෙකු වෙතින් හැරී නොයන්නාවූ සිංහයා;
31
හුළංබල්ලා; එළුවා; සේනා සහිතව යන රජ යන මොව්හුය
32
ඔබ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.
33
මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය. එසේම උදහස ඇවිස්සීමෙන් තරඟය හටගන්නේය.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31