bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 4
Proverbs 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 5 →
1
මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.
2
මක්නිසාද මම යහපත් ඉගැන්වීම ඔබ සැමට දෙමි; මාගේ උපදෙස් අත් නොහරින්න.
3
මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්රයෙක්ව සිටියෙමි.
4
ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන ඔබේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
5
ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබා ගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න.
6
ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ ඔබ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද ඔබ ආරක්ෂාකරනවා ඇත.
7
ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, ඔබ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
8
ඇය ශ්‍රේෂ්ඨකරන්න, ඈද ඔබ උසස්කරන්නීය. ඔබ ඇය වැලඳගත්තාම, ඈ ඔබ ගෞරවයට පමුණුවන්නීය.
9
ඈ ඔබේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ ඔබට පළඳවන්නීය.
10
මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට ඔබේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.
11
ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වා, හරිවූ මාවත්වල ඔබ ගෙනගියෙමි.
12
ඔබ යන කල ඔබේ පාද අවහිරනොවන්නේය; දුවන කල ඔබ නොපැකිලෙන්නෙහිය.
13
ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය ඔබේ ජීවනයය.
14
දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.
15
එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.
16
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
17
මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
18
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
19
දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.
20
මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට ඔබේ කන නමන්න.
21
ඒවා ඔබේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; ඔබේ සිත තුළ ඒවා තබාගන්න.
22
මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
23
සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.
24
වංචා මුඛය ඔබෙන් පහකොට, වංක තොල් ඔබෙන් දුරුකරන්න.
25
ඔබේ ඇස් ඉස්සරහම බලත්වා, ඔබේ ඇසිපියද ඔබ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.
26
ඔබේ පාදවල මාවත සමතලාකරන්න, ඔබේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.
27
දකුණටවත් වමටවත් නොහැරෙන්න. ඔබේ පාද නපුරෙන් පහකරන්න.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31