bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 24
Proverbs 24
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 25 →
1
දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
2
මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.
3
ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
4
දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.
5
ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.
6
මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට ඔබ ඔබේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.
7
ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.
8
නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
9
මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය.
10
ඔබ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් ඔබේ ශක්තිය අල්පය.
11
මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
12
අපි මෙය නොදත්තෙමුයයි ඔබ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? ඔබේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?
13
මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද ඔබේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
14
ඔබේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය ඔබට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, ඔබේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
15
දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.
16
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.
17
ඔබේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද ඔබේ සිත ප්‍රීතිමත් නොවේවා.
18
නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
19
නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.
20
මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
21
මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.
22
මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?
23
මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
24
ඔබ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.
25
එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.
26
සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
27
ඔබේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව ඔබේ ගේ සාදන්න.
28
කාරණයක් නැතුව ඔබේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, ඔබේ තොල්වලින් වංචා නොකරන්න.
29
ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.
30
අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
31
එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
32
එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.
33
තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි
34
කියන ඔබට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31