bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Proverbs 5
Proverbs 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 6 →
1
මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම ඔබේ තොල්වල පවතින පිණිසද
2
මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට ඔබේ කන නමන්න.
3
මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.
4
එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.
5
ඇගේ පාද මරණයට බසින්නේය; ඇගේ අඩි ෂෙයෝලටම පැමිණෙන්නේය.
6
ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය.
7
එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දී, මාගේ මුඛයේ කීම්වලින් ඉවත් නොවී සිටින්න.
8
ඔබේ ශෝභනකම අනුන්ටත් ඔබේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද,
9
ඔබේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, ඔබේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද,
10
අන්තිමේදී ඔබේ මාංසයද ශරීරයද ක්ෂයවන කල ඔබ කෙඳිරිගා:
11
අහෝ, මා ගුරුකමට වෛරවී, මාගේ සිත අවවාදය සුළුකළ හැටි!
12
මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,
13
මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,
14
ඔබේ මාර්ගය ඇය වෙතින් ඉවත්කරන්න. ඇගේ ගෙයි දොරකඩට ළං නොවන්න.
15
ඔබේම පොකුණෙන් වතුරද ඔබේම ළිඳෙන් උනන වතුරද බොන්න.
16
ඔබේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද?
17
ඒවා ඔබ සමඟ අන්‍යයන්ට නොව ඔබට පමණක්ම වේවා.
18
ඔබේ උල්පතට ආශීර්වාද ලැබේවා; ඔබේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න.
19
ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
20
එසේය, මාගේ පුත්‍රය, ඔබ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
21
මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේ ගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
22
දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.
23
ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31