bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 11
Joshua 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
1
හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද
2
උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහි පහත රටේත්, බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටි රජවරුන්ට ද පණිවුඩයක් යැව්වේ ය.
3
තවද, නැගෙනහිරෙන් සහ බස්නාහිරෙනුත් විසූ කානානිවරුන්ට ද අමෝරිවරුන්ට ද හිත්තීවරුන්ට ද පෙරිස්සිවරුන්ට ද කඳු රටේ විසූ ජෙබුසිවරුන්ට ද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් විසූ හිවීවරුන්ට ද පණිවුඩ යැව්වේ ය.
4
එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය.
5
මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය.
6
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.
7
එවිට ජෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ සිටි ඔවුන්ට විරුද්ධ ව හදිස්සියේ අවුත් ඔවුන් මැදට කඩා පැන්නේ ය.
8
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය.
9
ජෝෂුවා, සමිඳාණන් වහන්සේ තමාට වදාළ ලෙස ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.
10
ඒ අවස්ථාවේ දී ජෝෂුවා පෙරළා අවුත් හාශොර් නගරය අල්ලාගෙන එහි රජුට කඩුවෙන් පහර දුන්නේ ය. හාශොර් වනාහි ඉහත දී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නගරය ව තිබුණේ ය.
11
ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.
12
ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.
13
හෙල් පිට පිහිටා තිබුණු සියලු නගරවලින්, හාශොර් හැර, අන් එකක් වත් ඉශ්රායෙල්වරු පුළුස්සා නොදැමුවෝ ය. ජෝෂුවා හාශොර් පමණක් පුළුස්සාදැමුවේ ය.
14
ඒ නගරවල වටිනා වස්තුව ද ගවයන් ද ඉශ්රායෙල් ජනයා කොල්ලකාගෙන තබාගත්තෝ ය. සියලු මිනිසුන් විනාශ වන තුරු ඔව්හු ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝ ය; කිසිවෙකු පණපිටින් ඉතුරු නොකළෝ ය.
15
සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.
16
ජෝෂුවා ඒ මුළු දේශය අත්කරගත්තේ ය. එනම්, කඳු රට ද මුළු දකුණු දිශාව ද මුළු ගෝෂෙන් රට ද අරබා සමභූමිය ද ඉශ්රායෙල් කඳු රට ද ඒ අසල පහත රට ද
17
සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය.
18
එහි සියලු රජවරුන් සමඟ ජෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේ ය.
19
හිවීවරුන් විසූ ගිබියොන් නගරය හැර අන් කිසි නගරයක් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන නො වී ය. සෙසු නගර සියල්ල ම ඔව්හු යුද්ධයෙන් අල්ලාගත්තෝ ය.
20
ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.
21
ඒ කාලයෙහි ජෝෂුවා අවුත් කඳු රටින් ද හෙබ්‍රොන් කෙරෙන් ද දෙබීර් කෙරෙන් ද අනාබ් කෙරෙන් ද මුළු ජුදා කඳු රටෙන් ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන් ද ආනාක් නම් යෝධයන් නැතිකර දැමුවේ ය. ජෝෂුවා ඔවුන්ගේ නගර සමඟ ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.
22
ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය.
23
මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24