bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 15
Joshua 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 16 →
1
ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි.
2
ඔවුන්ගේ දකුණු සීමාන්තය මළ මුහුදේ කෙළවර වන, දකුණට හැරී තිබෙන වරාය පටන්,
3
අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්,
4
අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය.
5
නැගෙනහිර සීමාව ජොර්දාන් ගඟේ මෝය දක්වා වන මළ මුහුද ය. උතුරු පැත්තේ සීමාව ජොර්දාන් ගඟේ කෙළවරෙහි වන මුහුදේ වරාය සිට ය.
6
මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,
7
ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය.
8
එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.
9
සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,
10
බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.
11
එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
12
බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.
13
සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.
14
කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය.
15
එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය.
16
කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය.
17
කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට භාර්යාව වශයෙන් පාවා දුන්නේ ය.
18
ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය.
19
ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.
20
ජුදා ජනයාගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ උරුමය මේ ය.
21
දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද
22
කීනා ද දිමෝනා ද අදාදා ද
23
කෙදෙෂ් ද හාශෝර් ද ඉත්නාන් ද
24
ශීප් ද තෙලෙම් ද බෙයාලොත් ද
25
හාශෝර්-හදත්තා ද කෙරියොත්-හෙෂ්රොන් වන හාශෝර් ද
26
ආමාම් ද ෂෙමා ද මෝලාදා ද
27
හශර්ගද්දා ද හෙෂ්මොන් ද බෙත්-පෙලෙත් ද
28
හෂර්-ෂුවාල් ද බෙයර්-ෂෙබා ද බිස්යෝතියා ද
29
බාලා ද ඉයිම් ද එශෙම් ද
30
එල්තෝලද් ද කෙසීල් ද හොර්මා ද
31
ශික්ලග් ද මද්මන්නා ද සන්සන්නා ද
32
ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය.
33
තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල් ද ශොරා ද අෂ්නා ද
34
ශානොවා ද ඒන්-ගන්නීම් ද තප්පුවා ද ඒනාම් ද
35
ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද
36
ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය.
37
ශෙනාන් ද හදාෂා ද මිග්දල්-ගාද් ද
38
දිල්යාන් ද මිශ්පේ ද ජොක්තෙයෙල් ද
39
ලාකීෂ් ද බොශ්කාත් ද එග්ලොන් ද
40
කබ්බොන් ද ලාමාම් ද කිත්ලීෂ් ද
41
ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
42
ලිබ්නා ද ඒතෙර් ද ආෂාන් ද
43
ඉප්තා ද අෂ්නා ද නේශීබ් ද
44
කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
45
එක්‍රොන් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.
46
එක්‍රොන් පටන් බස්නාහිරට මධ්‍යධරණි මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නගර සහ ඒවායේ ගම් ය.
47
අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.
48
කඳු රටේ තිබුණු ඒවා නම්: ෂාමිර් ද ජත්තීර් ද සෝකෝ ද
49
දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද
50
අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද
51
ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.
52
අරාබ් ද දූමා ද එෂාන් ද
53
ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද
54
හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය.
55
මායොන් ද කර්මෙල් ද ශිප් ද ජුතා ද
56
ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද
57
කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
58
හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද
59
මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
60
කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය.
61
පාළුකරයේ තිබුණ ඒවා නම්: බෙත්-අරබා ද මිද්දීන් ද සෙකාකා ද
62
නිබ්ෂාන් ද ලුණු නුවර ද ඒන්-ගෙදී ද යන නගර හය සහ ඒවායේ ගම් ය.
63
එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24