bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 17
Joshua 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
1
ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.
2
මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය.
3
එහෙත්, මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍ර වූ ගිලියද්ගේ පුත් වන හෙපෙර්ගේ පුත්‍ර වූ ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූ හ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
4
ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.
5
ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.
6
මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.
7
මනස්සේගේ දේශ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතැනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන්ගේ දේශය දක්වා විය.
8
තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.
9
එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
10
දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ.
11
තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.
12
එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තෝ ය.
13
ඉශ්රායෙල් ජනයා ශක්තිමත් වූ කල ඔව්හු කානානිවරුන් වහල් වැඩට පත් කළෝ ය; එහෙත්, ඔවුන් සහමුලින් පන්නා නොදැමූ හ.
14
ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.
15
ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.
16
ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, “කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය.
17
ජෝෂුවා එප්‍රායිම් ද මනස්සේ ද යන ජෝසෙප්ගේ පරපුරට කතා කොට, “ඔබ හැම මහා සෙනඟක් ය; ඔබට බොහෝ බලය ඇත්තේ ය. ඔබ හැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේ ය.
18
කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24