bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 3
Joshua 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.
2
තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්,
3
සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.
4
ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය.
5
ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්ර වන්නැ”යි කී ය.
6
ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
7
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.
8
නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.”
9
එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, “මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ”යි කීවේ ය.
10
ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: “ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය.
11
බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත.
12
එබැවින් දැන් එක එක ගෝත්රයෙන් එක්කෙනා බැගින් ඉශ්රායෙල් ගෝත්රවලින් පිරිමින් දොළොස්දෙනෙකු තෝරාගන්න.
13
මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.”
14
සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.
15
ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.
16
ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.
17
ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24