bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 18
Joshua 18
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 19 →
1
ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.
2
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.
3
ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?
4
ඔබ උදෙසා එක එක ගෝත්‍රයෙන් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැගින් පත් කරන්න. මම ඔවුන් යවන්නෙමි; ඔව්හු පිටත් ව දේශයෙහි ඔබමොබ ගමන් කොට තමන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒවා සටහන් කරගෙන මා වෙත එන්නෝ ය.
5
ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝ ය. ජුදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටී වා; ජෝසෙප්ගේ පරපුර උතුරු දිග තිබෙන තමන්ගේ සීමාව තුළ සිටී වා.
6
ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.
7
මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.
8
ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, “ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය.
9
ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.
10
ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.
11
බෙන්ජමින් පරපුරේ කොටස ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ කොටසේ පළාත ජුදාගේ පරපුරටත්, ජෝසෙප්ගේ පරපුරටත් අතරේ නියම වුණේ ය.
12
උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව ජොර්දානෙන් පටන්ගෙන ජෙරිකෝවට උතුරු පැත්තෙන් නැඟී, කඳු රට මැදින් බස්නාහිරට ගොස්, බෙතාවන්හි පාළුකරය ළඟ දී කෙළවර වුණේ ය.
13
එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය.
14
එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය.
15
දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.
16
එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.
17
එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතැනින් අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතැනින් රූබන්ගේ පුත් බොහන්ගේ ගල දක්වා විය.
18
එතැනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස,
19
එතැනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, ජොර්දානේ දකුණු කෙළවරේ තිබෙන මළ මුහුදේ උතුරු වරායෙහි කෙළවර වුණේ ය. දකුණු සීමාව මේ ය.
20
එහි නැගෙනහිර පැත්තෙන් සීමාව නම් ජොර්දාන ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන් වටකර සීමා හැටියට, ඔවුන්ගේ උරුමය මේ ය.
21
බෙන්ජමින් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර නම්: ජෙරිකෝව ද බෙත්-හොග්ලා ද ඒමෙක්-කෙශිශ් ද
22
බෙත්-අරබා ද ශෙමාරයිම් ද බෙතෙල් ද
23
අව්විම් ද පාරා ද ඔප්රා ද
24
කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.
25
ගිබියොන් ද රාමා ද බෙයේරොත් ද
26
මිශ්පේ ද කෙපීරා ද මෝශා ද
27
රෙකෙම් ද ඉර්පෙයෙල් ද තරලා ද
28
ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24