bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 22
Joshua 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 23 →
1
ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා
2
ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය.
3
ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය.
4
දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.
5
සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපණත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.”
6
මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය.
7
මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්,
8
“ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය.
9
එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.
10
කානාන් දේශයේ තිබෙන ජොර්දාන් ගඟ අසබඩ පළාතට ඔවුන් පැමිණිවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැඟුවහු ය.
11
එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය.
12
ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය.
13
ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද
14
ඔවුන් සමඟ සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයේ අධිපති ව සිටි අධිපතීන් දසදෙනෙකු ද යැවුවෝ ය. ඔව්හු එකිනෙකා ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි තම තමන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියන් ව සිටියෝ ය.
15
ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ:
16
“සමිඳාණන් වහන්සේගේ මුළු සෙනඟ මෙසේ කියති, ‘ඔබ අද දවසේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනඟා ගැනීමෙන් අද ඔබ සමිඳාණන් වහන්සේ වෙතින් වෙන් වී ගොස් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ මේ අපරාධය කුමක් ද?
17
පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත.
18
එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත.
19
ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.
20
ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “
21
රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද ඉශ්රායෙල්වරුන්ගේ පවුල්වල පිය පෙළපත් ප්‍රධානීන්ට මෙසේ පිළිතුරු දුන්නෝ ය:
22
“දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව.
23
අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා!
24
අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්,
25
රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.
26
එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව,
27
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.
28
එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු.
29
අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”
30
එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ.
31
පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.
32
එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය.
33
ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.
34
රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24