bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 9
Joshua 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
1
ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,
2
ඔව්හු එක් සිත් ව ජෝෂුවා හා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස එක්රැස් වූවෝ ය.
3
එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට,
4
ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය.
5
අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තෝ ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය.
6
මෙසේ ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්රායෙල් සෙනඟටත් කතා කොට, “අපි දුර රටකින් ආවෙමු; එබැවින් අප සමඟ ගිවිසුමක් කළ මැනවැ”යි කීවෝ ය.
7
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.
8
ඔව්හු ජෝෂුවාට කතා කරමින්, “අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, “ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.
9
ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද
10
ජොර්දාන් ගඟින් එගොඩ විසූ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වන හෙෂ්බොන්හි රජ වූ සීහොන්ටත්, අෂ්ටාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග්ටත් කළ සියල්ල ද අපි ඇසීමු.
11
එබැවින් අපේ ප්‍රජා මූලිකයෝ ද අපේ රට වැසි සියල්ලෝ ද අපට කතා කොට, ‘ඔබේ ගමනට ආහාර රැගෙන, ඔවුන් හමු වන්නට ගොස් ඔවුන්ට කතා කොට, අපි ඔබ හැමගේ දාසයෝ වමු. අප සමඟ ගිවිසුමක් කළ මැනව යි ඔවුන්ට කියන්නැ’යි අපට කී හ.
12
ඔබ හැම වෙත එන්නට අප පිටත් වූ දවසේ දී අපේ ආහාර පිණිස ගත් මේ රොටි අපේ ගෙවලින් අප ගත්තේ උණු උණු ව තිබෙද්දී ය; එහෙත්, දැන් ඒවා වියළී, පුස් බැඳී තිබේ.
13
මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.”
14
ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රධානීහු සමිඳාණන් වහන්සේගේ අවවාද නොවිචාරා ඔවුන්ගේ ආහාර කෑවෝ ය.
15
ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය.
16
ඉශ්රායෙල්වරුන් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමන්ගේ අසල්වාසීන් බවත්, තමන් අතරෙහි වාසය කරන බවත් ඔවුන්ට ආරංචි වුණේ ය.
17
ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.
18
ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.
19
එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, “අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය.
20
අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත.
21
ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.
22
ජෝෂුවා ගිබියොන්වරුන් කැඳවා, “ඔබ අප අතරේ වාසය කරද්දී, ‘අපි ඔබට බොහෝ දුරින් සිටිමු’ කියා ඔබ අප රැවටුවේ මන් ද?
23
මෙසේ කළ නිසා ඔබ සාප ලද්දහු ය. ඔබ අතරෙන් සමහරෙකු මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දර කපන්නන් ද දිය අදින්නන් ද වශයෙන් සෑම කල්හි ම ඔබ සපයනු ඇතැ”යි කීවේ ය.
24
ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.
25
අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ.
26
ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය.
27
ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24