bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 21
Joshua 21
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 22 →
1
එවිට ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීහු එලෙයාසර් නම් පූජකයා ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ගෝත්‍රයන්ගේ පවුල්වල ප්‍රධානීන් ද වෙත පැමිණ,
2
කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය.
3
ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ ආඥා ලෙස තමන්ගේ උරුමයෙන් මෙකී නගර ද ඒවා අවට තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.
4
පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
5
කොහාත්වරුන්ගේ සෙසු ගෝත්‍රවලට එප්‍රායිම් ගෝත්‍රයෙන් ද දාන් ගෝත්‍රයෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
6
ගේර්ෂොන්වරුන්ගේ ගෝත්‍රවලට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
7
මෙරාරීවරුන්ගේ ගෝත්‍රවලට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් ලැබුණේ ය.
8
ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.
9
ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ
10
ලෙවී ගෝත්‍රයේ වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට ය. මන්ද, පළමු වන පස ඇට ලැබුණේ ඔවුන්ට ය.
11
ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.
12
එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය.
13
ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද
14
ජත්තීර් සහ ඒ අවට තණ බිම් ද එෂ්තෙමෝවා සහ ඒ අවට තණ බිම් ද
15
හෝලොන් සහ ඒ අවට තණ බිම් ද දෙබීර් සහ ඒ අවට තණ බිම් ද
16
අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.
17
බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ ඒ අවට තණ බිම් ද ගෙබා සහ ඒ අවට තණ බිම් ද
18
අනාතොත් සහ ඒ අවට තණ බිම් ද අල්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
19
පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.
20
ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය.
21
මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද
22
කිබ්ශයිම් සහ ඒ අවට තණ බිම් ද බෙත්-හෝරොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර ඔවුන්ට දුන්නෝ ය.
23
දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ ඒ අවට තණ බිම් ද ගිබ්බෙතොන් සහ ඒ අවට තණ බිම් ද
24
අයාලෝන් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
25
මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද වන නගර දෙක දුන්නෝ ය.
26
කොහාත්ගේ අනික් ගෝත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නගර වනාහි ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහසයක් ය.
27
ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.
28
ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ ඒ අවට තණ බිම් ද දාබෙරත් සහ ඒ අවට තණ බිම් ද
29
ජර්මුත් සහ ඒ අවට තණ බිම් ද ඒන්-ගන්නීම් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
30
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිෂාල් සහ ඒ අවට තණ බිම් ද අබ්දොන් සහ ඒ අවට තණ බිම් ද
31
හෙල්කත් සහ ඒ අවට තණ බිම් ද රෙහොබ් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
32
නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.
33
ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ සියලු නගර සහ ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහතුනක් ය.
34
අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ ගෝත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් ජොක්නෙයාම් සහ ඒ අවට තණ බිම් ද
35
දීම්නා සහ ඒ අවට තණ බිම් ද නහලාල් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර දුන්නෝ ය.
36
රූබන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ ඒ අවට තණ බිම් ද ජාහශ් සහ ඒ අවට තණ බිම් ද
37
කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
38
ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද
39
හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.
40
මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර ය. ඔවුන්ගේ කොටස නගර දොළොසක් ය.
41
ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.
42
මේ නගරවලින් එක එක නුවර වට කර තණ බිම් තිබුණේ ය. ඒ සියලු නගර එකාකාර ව තිබුණේ ය.
43
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.
44
සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන් වහන්සේ ඔවුන්ට රට පුරා සාමය දුන් සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධ ව සිටින්නට නොහැකි විය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවා දුන් සේක.
45
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් වංශයට දුන් යහපත් පොරොන්දු එකක් වත් කඩ නො වී ය; සියල්ල ම ඉෂ්ට වුණේ ය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24