bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joshua 19
Joshua 19
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
1
දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.
2
ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබා ද මෝලාදා ද
3
හශර්-ෂුවාල් ද බාලා ද එශෙම් ද
4
එල්තෝලද් ද බෙතුල් ද හොර්මා ද
5
ශික්ලග් ද බෙත්-මර්කාබොත් ද හශර්-සුසා ද
6
බෙත්-ලෙබායොත් ද ෂාරුහෙන් ද යන නගර දහතුන සහ ඒවා යාබද ගම් ය.
7
අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය.
8
දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය.
9
සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.
10
තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
11
ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරාලාට නැඟී, දබ්බෙෂෙත්ට ද ජොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟට ද පැමිණියේ ය.
12
සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය;
13
එතැනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ට ද එත්-කාශීන්ට ද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන් දක්වා විය.
14
සීමාව ඊට වටකරින් උතුරට හැරී හන්නාතොන්ට ගොස්, ඉප්තා-යෙල් මිටියාවත ළඟ කෙළවර වුණේ ය.
15
කට්ටාත් ද නහලාල් ද ෂිම්රොන් ද ඉදලා ද බෙත්ලෙහෙම් ද යනාදී නගර දොළොසක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.
16
සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
17
සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
18
ඔවුන්ගේ පළාතට ජෙශ්‍රෙයෙල් ද කෙසුල්ලොත් ද ෂුනෙම් ද
19
හපාරයිම් ද ෂියොන් ද අනාහරාත් ද
20
රබ්බිත් ද කිෂියොන් ද එබෙශ් ද
21
රෙමෙත් ද ඒන්-ගන්නීම් ද ඒන්-හද්දා ද බෙත්-පශේශ් ද දක්වා විය.
22
සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.
23
ඉස්සාකර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
24
පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
25
ඔවුන්ගේ සීමාව හෙල්කත් ද හලී ද බෙටෙන් ද අක්ෂාප් ද
26
අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය.
27
එතැනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමතට තිබෙන කාබුල් ද
28
ඒබ්‍රොන් ද රෙහොබ් ද හම්මොන් ද කානා ද මහ සීදොන් ද දක්වා විය.
29
එතැනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නගර වූ තීර්ට පැමිණ, හෝස් දෙසට හැරී අක්ශිබ් පළාතේ පටන් ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
30
උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය.
31
ආෂෙර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
32
සය වන කොටස නප්තලී පරපුරට එසේ ය, නප්තලීගේ පරපුරට, ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
33
ඔවුන්ගේ සීමාව හෙලෙප්හි සිට ශානන්නිම්හි තිබුණ ආලෝන වෘක්ෂය පටන් අදාමි-නෙගෙබ් ද ජබ්නෙයෙල් ද ලක්කුම් ද දක්වා ගොස්, ජොර්දාන ළඟ කෙළවර වුණේ ය.
34
එතැනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබෝර් දෙසට ගොස්, එතැනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන් ද බස්නාහිරෙන් ආෂෙර් ද නැගෙනහිරෙන් ජොර්දානේ ජුදා ද දක්වා විය.
35
පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද
36
අදාමා ද රාමා ද හාශොර් ද
37
කෙදෙෂ් ද එද්රෙයි ද ඒන්-හාශොර් ද
38
ඉරොන් ද මිග්දල්-යෙල් ද හොරෙම් ද බෙත්-අනාත් ද බෙත්-ෂෙමෙෂ් ද යන මේවා ය. නගර දහ නවයක් සහ ඒවායේ ගම් ද තිබුණේ ය.
39
නප්තලීගේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
40
සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
41
ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද
42
ෂාලබ්බින් ද ආයාලොන් ද ඉත්ලා ද
43
ඒලොන් ද තිම්නා ද එක්‍රොන් ද
44
එල්තෙකේ ද ගිබ්බෙතොන් ද බාලාත් ද ජෙහුද් ද
45
බෙනේ-බෙරක් ද ගත්-රිම්මොන් ද
46
මේ-ජර්කොන් ද ජොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළු ව රක්කොන් ද යන මේවා ය.
47
දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.
48
දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
49
මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය.
50
ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නාත්-සෙරා ඔව්හු සමිඳාණන් වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝ ය. ඔහු ඒ නුවර ගොඩනඟා එහි වාසය කෙළේ ය.
51
පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24