bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 11
Luke 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
1
යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය.
2
උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා,
3
අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව,
4
අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ”
5
උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න.
6
දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු.
7
එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද?
8
මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි.
9
“එබැවින් මා ඔබට කියන්නේ, ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ.
10
මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්භ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.
11
“ඔබ අතරින් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ කල, ඒ වෙනුවට සර්පයකු දෙයි ද?
12
නැතහොත් බිත්තරයක් ඉල්ලූවිට ගෝනුස්සකු දෙයි ද?
13
නපුරු වූ ඔබ ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොතරම් අධිකව ශුද්ධාත්මයාණන් නො දේ දැ!” යි කී සේක.
14
වරක් උන්වහන්සේ ගොළු යක්ෂාත්මයක් දුරු කරමින් සිටි සේක. යක්ෂාත්මය දුරු වෙත්ම ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. එවිට ජනයා විස්මිත වූහ.
15
එහෙත් සමහරෙක්, “මොහු යක්ෂාත්ම දුරු කරන්නේ, යක්ෂාධිපති බෙල්සෙබුල් මාර්ගයෙනැ” යි කීහ.
16
අන් සමහරු උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් දක්වන්නැයි ඉල්ලූහ.
17
එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “කිසියම් රාජ්‍යයක්, එයටම එරෙහිව බෙදුනහොත්, එය බිඳ වැටෙයි. පවුලක්, ඊටම එරෙහිව බෙදුනහොත්, එය ඇද වැටෙයි.
18
මෙසේ, සාතන් තමන්ටම එරෙහිව බෙදුනහොත්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මන්ද මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මාර්ගයෙනැයි ඔබ කියති.
19
මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය.
20
එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ඇඟිල්ල මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.
21
“ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි.
22
එහෙත් ඔහුට වඩා බලවතෙක් පැමිණි කල, ඔහුට පහර දී යටත් කර, ඔහු විශ්වාසය තැබූ අවි ආයුධ ද පැහැරගෙන, කොල්ලකා ගත් දේ බෙදා දෙයි.
23
“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.
24
“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, ‘මා පිට වී ආ නිවසටම ආපසු යමි’ යි කියයි.
25
එසේ ආ කල ඒ නිවස අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.
26
එවිට ඔහු පිටත්ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය, පළමු තත්වයටත් වඩා නරක් වේ යැ” යි පැවසූ සේක.
27
උන්වහන්සේ මෙසේ පවසද්දී, රැස්ව සිටි පිරිස අතරේ සිටි එක් ස්ත්‍රියක්, “ඔබ දරා සිටි කුසය හා ඔබට කිරි දුන් ළැම ආශිර්වාදිත යැ” යි හඬ නගා කීවා ය.
28
එහෙත් උන්වහන්සේ, “එසේය දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒ අනුව ජීවත්වන්නෝ ඊටත් වඩා ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.
29
ජන සමූහයා වඩාත් එක්රොක් වෙද්දී, ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මේ දුෂ්ට වූ පරම්පරාවක්. ඔවුන් ලකුණක් සොයනවා. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු ලබන්නේ නැත.
30
මන්ද යෝනා, නිනිවයේ වැසියනට ලකුණක් වූයේ යම් සේ ද, එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් ද මේ පරම්පරාවට ලකුණක් වෙයි.
31
දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස, ඕ පොළෝ කෙළවරේ සිට ආවා ය. එහෙත් දැන්, මෙන්න, සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.
32
නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.
33
“පහනක් දල්වන කෙනකු, ඇතුළු වන අයට එළිය පෙනෙන පිණිස, පහන් රුකක් මත තබනවා මිස, කිසියම් මුල්ලක හෝ බඳුනක් යට හෝ තබන්නේ නැත.
34
ඔබේ සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් එය නරක් වූ කල, ඔබේ සිරුරත් අඳුරින් පිරෙයි.
35
එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නො වන ලෙසට වගබලා ගන්න.
36
මෙසේ ඔබේ මුළු සිරුරම ආලෝකයෙන් පිරී ඇත්නම්, කිසියම් කොටසක අඳුරක් නැත්නම්, බබළමින් එළිය විහිදන පහනක් සේ එය මුළුමනින් ආලෝකවත් වනු ඇත.”
37
යේසුස්වහන්සේ කතා කරද්දී, පරිසිවරයෙක් තමා සමඟ ආහාර ගැනීමට උන්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ ගොස්, මේසයට වාඩි වූ සේක.
38
කෑමට පෙර උන්වහන්සේ අත් නො සේදූ වග දුටු පරිසියා පුදුම වූයේ ය.
39
එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා.
40
අඥානයිනි, ඇතුල් පැත්ත සෑදුවෙත්, පිට පැත්ත සෑදූ තැනැත්තාම නො වේ ද?
41
එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේම ඔබට පවිත්‍ර වනු ඇත.
42
“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද ඔබ සුවඳතලා, සුදුදුරු හා ගෙවතු පලා යන දැයින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තියත්, දෙවියන්වහන්සේට ප්‍රේමයත් නො සලකා හරිති. ඔබ පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් පිළිපැදිය යුතුව තිබේ.
43
“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත් ඔබ ආශා වන බැවිනි.
44
“ඔබට වන විපතක මහත! මන්ද ඔබ නො පෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ ගැන නො දැන ජනයා ඒ උඩින් ඇවිද යති” යි පැවසූ සේක.
45
එවිට දහම් නීති වේදියෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, ඔය විදියට කතා කිරීමෙන් ඔබ අපටත් ගැරහුම් කරනවා” යි කීවේ ය.
46
යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත.
47
“ඔබට වන විපතක මහත! මන්ද ඔබගේ පියවරුන් විසින් මරා දමන ලද දිවැසිවරුන්ගේ සොහොන් කොත් ඔබ ගොඩ නගති.
48
මෙයින් ඔබේ පියවරුන් කළ වැඩ ගැන සාක්ෂිකරුවන් හා ඊට එකඟවන්නන් වන්නේ ඔබයි; මන්ද ඔබේ පියවරු ඔවුන් මරා දැමූහ; ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩ නගති.
49
එබැවින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙසේ පවසා තිබේ. ‘මම දිවැසිවරුන් ද අපෝස්තුලුවරුන් ද ඔවුන් වෙත යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් ඇතමකු මරා දමති; සෙසු අයට හිංසා කරති.’
50
එබැවින් ලෝකාරම්භයේ පටන් වගුරුවන ලද සියලු දිවැසිවරුන්ගේ ලේ ගැන, මෙම පරම්පරාව වගකිව යුතු වෙයි.
51
එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි.
52
“දහම් පඬිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද දැනගැන්මේ යතුර ඔබ ගෙන ගිය නමුදු, දොර ඇර ඔබ ඇතුළු වූයේ නැත; අන්‍යයන්ට ඇතුළු වීමට ඉඩ දුන්නේත් නැතැ” යි පැවසූ සේක.
53
උන්වහන්සේ එතැනින් පිටත් වූ පසු, දහම් පඬිවරුන් හා පරිසිවරුන් උන්වහන්සේ ලවා බොහෝ දෑ කතා කරවීමට උන්වහන්සේ පෙලඹවීමට දැඩි සේ වෙර දැරුවේ,
54
කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට රැක සිටිමිනි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24