bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 23
Luke 23
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
1
ඉන්පසු ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, පිලාත් වෙත උන්වහන්සේ ගෙන ගියහ.
2
එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.
3
පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියනවා” යි කී සේක.
4
එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය.
5
එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.
6
ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි ඇසී ය.
7
උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය.
8
යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය.
9
ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.
10
නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධව තදබල චෝදනා කළහ.
11
එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය.
12
කලක් එකිනෙකාට සතුරුව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේම මිත්‍ර වූහ.
13
නායක පූජකයින්, ජන ප්‍රධානීන් හා සෙසු ජනයා රැස්කර වූ පිලාත්,
14
ඔවුන් අමතමින්, “නුඹලා මේ මිනිහා මා වෙත ගෙනාවේ ජනයා නොමගට පොළඹවන්නෙක් ය කියායි. නුඹලා ඉදිරිපිටම ඔහු විභාග කිරීමෙන්, ඔහුට එරෙහිව නුඹලා නගන චෝදනාවලට ඔහු වරදකරුවෙකැයි මට පෙනෙන්නේ නෑ.
15
හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ.
16
එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.
17
ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් විය.
18
එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැඟූහ.
19
(මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනීමැරීමක් සම්බන්ධව සිරගත කරන ලද්දෙකි.)
20
යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය.
21
එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ.
22
පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.
23
එහෙත් ඔවුහු වඩ වඩා හඬ නඟමින්, උන්වහන්සේ කුරුසිපත් කරන්නට බල කළහ. ඔවුන්ගේ ඝෝෂාවට ජය අත්විණි.
24
ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය.
25
කැරලි ගැසීමට හා මිනීමැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.
26
ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියායනු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ.
27
විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසුපස ගියහ.
28
යේසුස්වහන්සේ ඔවුන් දෙස හැරී, “යෙරුසලමේ දූවරුනි, මා නිසා නො හඬන්න; ඔබ නිසාත්, ඔබේ දරුවන් නිසාත් හඬන්න.
29
මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙව් පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත.
30
එවිට “ ‘ඔවුහු, “අප පිට වැටෙනු!” කියා කඳුවලට ද “අප වසාගනු!” යි හෙල්වලට ද කියනු ඇත.’
31
මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක.
32
අපරාධකරුවන් වූ තවත් මිනිසුන් දෙදෙනෙක් ද මරා දමන පිණිස, උන්වහන්සේ සමඟ ගෙන යන ලදහ.
33
ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානයට පැමිණි ඔවුහු, එහිදී උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. අපරාධකරුවන් දෙදෙනා ද එක් කෙනෙක් උන්වහන්සේගේ දකුණු පස ද අනෙකා උන්වහන්සේගේ වම් පස ද කුරුසිපත් කරන ලදහ.
34
එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු දාදු දැමූහ.
35
උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමාම ගලවා ගනීවා!” යි කීහ.
36
හේවායෝ ද අවුත්, මිදි යුෂ විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,
37
“නුඹ යුදෙව්වන්ගේ රජ නම් නුඹම ගලවා ගනින්” යැයි කීහ.
38
උන්වහන්සේගේ හිසට ඉහළින් මෙසේ සඳහන් නාම පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු මොහු ය.
39
එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය.
40
එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එකම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට බය නැද්ද?
41
අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අපම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය.
42
ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.
43
උන්වහන්සේ ඔහු අමතමින්, “සැබවින් ම මම ඔබට කියන්නම්; අද දවසේම ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇතැ” යි පැවසූ සේක.
44
ඒ හයවන පැය පමණ විය. නව වන පැය දක්වාම දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.
45
හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩව පැළිණි.
46
යේසුස්වහන්සේ උස් හඬ නඟමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
47
සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන්ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.
48
මෙම දර්ශනය නැරඹීමට රැස් වූ මුළු ජනයා සිදු වූ දේ දැක, තම තමන්ගේ ළයට ගසා ගනිමින්, ආපසු ගියහ.
49
එහෙත් ගලීලයේ සිට උන්වහන්සේ පසුපස පැමිණි ස්ත්‍රීන් ඇතුළු උන්වහන්සේ දැන සිටි සියල්ලෝ මදක් ඈතින් සිට මේ දේවල් බලා සිටියහ.
50
යුදෙව් නුවරක් වූ අරමාතියාහි ගුණවත්, දමිටු පුද්ගලයෙක් වූ යෝසෙප් නම් මිනිසෙක් සිටියේ ය. යුදෙව් මන්ත්‍රණ සභිකයකු වුව ද, ඔහු
51
ඔවුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත කළේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි කෙනෙකි.
52
මේ මිනිසා පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලුවේ ය.
53
පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි.
54
ඒ සූදානම් වීමේ දවසයි. සබත ද ඇරඹෙමින් තිබිණි.
55
ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.
56
ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24