bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 13
Luke 13
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
1
ඒ අවස්ථාවේදීම එහි පැමිණි කීප දෙනෙක්, පිලාත් විසින් ගලීලවාසීන් ඇතමකුගේ ලේ, ඔවුන්ගේ යාග සමඟ මිශ්‍ර කරන ලද පුවත උන්වහන්සේට සැල කළහ.
2
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඒ දෑ වින්ද බැවින්, මෙම ගලීලයින් අනෙක් ගලීලයින් හැමට වඩා පව්කරුවන්යැයි ඔබ සිතනවා ද?
3
නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වනු ඇත කියායි.
4
සිලෝවම්හි කොටුව කඩා වැටීමෙන්, යටවී මළ දහඅට දෙනා යෙරුසලමේ වෙසෙන හැමට වඩා වරදකරුවන්යැයි ඔබ සිතනවා ද?
5
නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වන බව යැ” යි පැවසූ සේක.
6
තවද උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක: “එක් මිනිසකුගේ මිදි වත්තේ පැළ කරන ලද අත්තික්කා ගහක් විය. ඔහු එහි පල බලාපොරොත්තුව ගිය නමුදු, කිසිවක් සම්භ නො වීය.
7
එබැවින් ඔහු මිදි වතු පාලකට කතා කර, ‘බලන්න, දැන් තුන් වසරක්ම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආවත්, කිසිවක් ලැබුණේ නැහැ. මෙය කපා දමන්න; මෙය තවත් පොළොවට බරක්ව තිබෙන්නේ කුමට දැ?’ යි කීවේ ය.
8
“ඔහු පිළිතුරු දෙමින්, ‘මහත්මයා, තව එක් වසරක් මෙසේ තිබුණා වේ. මම ගහ වටේට හාරා පොහොර දමන්නම්.
9
එන වසරේ පල හට ගත්තොත් හොඳයි; නැතිනම් කපා දමන්න පුළුවනැ’ යි කීවේ යැ” යි පැවසූ සේක.
10
එක් සබත් දිනෙක, උන්වහන්සේ සිනගෝගයක උගන්වමින් සිටි සේක.
11
අවුරුදු දහඅටක් ආබාධිත ආත්මයක බලපෑමට හසු වූ ස්ත්‍රියක් ද එහි වූවා ය. කුදු ගැසුණු ඇයට කිසි සේත් කෙළින් විය නො හැකි විය.
12
යේසුස්වහන්සේ ඇය දැක, ඉදිරියට කැඳවා, “ස්ත්‍රිය, ඔබේ ආබාධයෙන් ඔබ මිදුණා” යි පවසා,
13
ඇය මත අත් තැබූ සේක. එකෙණෙහිම ඈ කෙළින් වී, සිටගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා ය.
14
යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය.
15
එවිට ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “එම්බා වංචනිකයිනි, ඔබ හැම කෙනකුම සබත් දවසේ තම ගවයා හෝ තම බූරුවා ගාලෙන් මුදා, වතුර දෙන්නට ගෙන යන්නේ නැද්ද?
16
එසේ නම් ආබ්‍රහම්ගේ දියණියක වන මැය, සාතන් විසින් දහඅට වසරක් බැඳ තබන ලද ඒ බන්ධනයෙන් සබත් දවසක මුදා හැරීම යුතු නැද්දැ?” යි පැවසූ සේක.
17
ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.
18
එබැවින් උන්වහන්සේ කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? මම එය කුමකට උපමා කරම් ද?
19
මිනිසකු විසින් තම ගෙවත්තේ දමන ලද අබ ඇටයකට එය සමාන ය. එය පැළවී, වැඩී, ගසක් බවට පත් වුණි. අහස් කුරුල්ලෝ එහි අතුවල කැදලි තනා ගත්හ” යි පැවසූ සේක.
20
උන්වහන්සේ යළි කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මම කුමකට උපමා කරම් ද?
21
නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.
22
උන්වහන්සේ යෙරුසලම බලා යන අතරේ නගර හා ගම් ඔස්සේ උගන්වමින් ගමන් ගත් සේක.
23
කෙනෙක් උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ගැලවීම ලබන්නේ ස්වල්ප දෙනකු පමණක් දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්,
24
“පටු දොරෙන් ම ඇතුළු වන්නට වෙර දරන්න. මන්ද මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ඇතුල් වන්නට සොයන නමුත් නො හැකි වනු ඇත කියායි.
25
ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.
26
“එකල ඔබ පිළිතුරු දෙමින්, ‘අපි ඔබ සමඟ කෑවෙමු; බීවෙමු; ඔබතුමා අපේ වීදිවල ඉගැන්වූහ’ යි කියනු ඇත.
27
“එහෙත්, එතුමන් පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, නුඹලා කොහි සිට ආවාදැයි මා දන්නේ නෑ. අධර්මිෂ්ඨකම් කරන සියල්ලෙනි, මා වෙතින් බැහැරව යනු’ කියා කියනු ඇත.
28
“ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද දිවැසිවරුන් හැමදෙනා ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සිටිනුත්, ඔබ ඉන් පිටත දමනු ලැබ සිටිනුත්, ඔබ දකින කල එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ ය.
29
නැගෙනහිරින් හා බස්නාහිරින් ද උතුරින් හා දකුණින් ද ජනයා පැමිණ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට අසුන් ගනු ඇත.
30
සැබවින් ම, දැන් අන්තිමයින් වන ඇතමෙක් ප්‍රථමයින් ද දැන් ප්‍රථමයින් වන ඇතමෙක් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.
31
ඒ පැයේදීම උන්වහන්සේ වෙත පැමිණි පරිසිවරුන්ගෙන් ඇතමෙක්, “මෙතැනින් ඉවත්ව යන්න; මන්ද හෙරෝද්ට ඔබ මරන්නට ඕනෑ වී ඇතැ” යි කීහ.
32
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ගොසින් ඒ හිවලාට කියන්න, මා අදත්, හෙටත් යක්ෂාත්ම දුරු කර, සුව කිරීම් ඉටුකර, තුන් වන දවසේ මගේ අරමුණ වෙත ළඟා වන බව.
33
කෙසේ වුවත් අදත්, හෙටත්, අනිද්දාත් මා මාගේ මාර්ගයේ යා යුතුයි. මන්ද දිවැසිවරයකු යෙරුසලමෙන් පිටත විනාශ වන්නේ නැත.
34
“අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා සේ නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත.
35
මෙන්න! ඔබේ නිවාසය අත්හැර දමා තිබේ. මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත කියා යැ” යි පැවසූ සේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24