bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 9
Luke 9
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
1
උන්වහන්සේ දොළොස් දෙනා එකට කැඳවා, සියලු යක්ෂාත්ම දුරු කිරීමටත් රෝග සුව කිරීමටත් බලය හා වරය දී,
2
දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමටත්, රෝගීන් සුව කිරීමටත් ඔවුන් පිටත් කර යැවූ සේක.
3
උන්වහන්සේ ඔවුන් අමතමින්, “ගමනට කිසිවක් ගෙන යන්න එපා; සැරයටියක්, ගමන් මල්ලක්, හෝ රොටීවත්, මුදල් හෝ අමතර ඇඳුමක්වත් ගෙන යන්න එපා.
4
ඔබ ඇතුළු වන්නේ කවර නිවසකට ද, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
5
යම් තැනකදී ඔබ නො පිළිගැනේ නම්, ඒ නුවරින් පිටත්ව යන කල, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක.
6
මෙසේ ඔවුහු පිටත්ව ගොස්, සැම තැන්හි ශුභාරංචිය දේශනා කරමින් හා සුව කරමින්, ගමින් ගම සැරි සැරූහ.
7
මේ අතර, සිදුවන සියල්ල ගැන ඇසූ හෙරෝද් ප්‍රාන්ත රජ, වියවුල් විය. මන්ද යොහන් මරණින් නැගිට ඇතැයි ඇතමකු ද
8
දිවැසිවර එලියා පැමිණ ඇතැයි ද අන් සමහරු, පෙර විසූ දිවැසිවරයකු යළිත් නැගිට ඇතැයි ද කී බැවිනි.
9
එහෙත් හෙරෝද් කතා කරමින්, “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි. එහෙත් කවුරු ද මේ මට අසන්නට ලැබෙන දෑ කරන්නේ?” යි පැවසී ය. ඔහු උන්වහන්සේ දකින්නට උත්සාහ කළේ ය.
10
අපෝස්තුලුවරු පෙරළා පැමිණ, තමන් කළ දෑ ගැන උන්වහන්සේට පැවසූහ. එවිට උන්වහන්සේ ඔවුන් වෙනම කැඳවාගෙන බෙත්සයිදා නම් වූ නුවරකට ගිය සේක.
11
එහෙත් ඒ වග දැනගත් සමූහයා, උන්වහන්සේ පසුපසින් ඇදී ගියහ. සාදරයෙන් ඔවුන් පිළිගත් උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කියා දී, සුවය අවැසි අය සුව කළ සේක.
12
දවස ගෙවෙමින් තිබියදී උන්වහන්සේ වෙත ආ දොළොස් දෙනා, “නවාතැන් සහ අහර සපයා ගන්නට මේ සෙනඟ අවට ගම්මාන හා පිටිසර පෙදෙස්වලට පිටත් කර යවන්න; මන්ද අප සිටින්නේ පාළු පෙදෙසකැ” යි කීහ.
13
උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිලදී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ.
14
(මන්ද එහි පිරිමින් පන්දහසක් පමණ වූහ.) “පනස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් ඔවුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ ගෝලයින්ට කී සේක.
15
ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ.
16
උන්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන ස්වර්ගය දෙස ඉහළ බලා, ඒවා ගැන ආශිර්වාදය පැවසූ සේක. ඉන්පසු ඒවා කැඩූ උන්වහන්සේ සමූහයා ඉදිරියේ තබන පිණිස, ගෝලයින්ට දුන් සේක.
17
සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.
18
වරෙක උන්වහන්සේ තනිව යාච්ඤා කරමින් සිටියදී, ගෝලයෝ ද උන්වහන්සේ සමඟ වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සමූහයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.
19
ඔවුහු පිළිතුරු දෙමින්, “යොහන් බව්තීස්ත ය කියා ය, සමහරු දිවැසිවර එලියා ය කියා ද අන් සමහරු පෙර විසූ දිවැසිවරයෙක් නැගිට ඇත කියා ද කියති” යි කීහ.
20
එවිට උන්වහන්සේ, “කුමක් ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීවේ ය.
21
මේ වග කිසිවකුටත් නො කියන ලෙස අණ කරමින්, උන්වහන්සේ ඔවුන්ට නියෝග කර,
22
“මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් හා දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරා දමනු ලබන්නටත්, තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන්නටත් ඕනෑ” යි පැවසූ සේක.
23
ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා.
24
මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී. එහෙත් මා නිසා සිය ජීවිතය අහිමි කරගන්නා, එය රැකගනී.
25
යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කරගනී නම් හෝ අහිමි කරගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද?
26
යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්තව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.
27
“සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.
28
මෙසේ පවසා අට දිනකට පමණ පසු යේසුස්වහන්සේ පේතෘස්, යොහන් හා යාකොබ් කැටුව යාච්ඤා කරන්නට කන්දට නැගුණු සේක.
29
යාච්ඤා කරන අතරදී උන්වහන්සේගේ මුහුණේ පෙනුම වෙනස් විය. උන්වහන්සේ හැඳි වස්ත්‍ර, සුදෝ සුදු දීප්තියකින් යුතු විණ.
30
මෙන්න, එවිට මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කතා කරමින් සිටියහ; ඔවුහු නම් මෝසෙස් හා එලියා ය.
31
තේජාලංකාරයෙන් යුතුව දර්ශන වූ ඔවුන් කතා කරමින් සිටියේ යෙරුසලමේදී උන්වහන්සේ ඉටු කරන්නට යන නික්මයෑම පිළිබඳව ය.
32
පේතෘස් හා ඔහු සමඟ වූවෝ තද නිදි බරව සිටියහ. එහෙත් ඔවුහු මුළුමනින්ම පිබිද, උන්වහන්සේගේ තේජස ද උන්වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටුවහ.
33
ඒ දෙදෙන යේසුස්වහන්සේ වෙතින් ඉවත යද්දී උන්වහන්සේ ඇමතූ පේතෘස්, තමා කියන්නේ කුමක්දැයි නො දැන, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝසෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.
34
ඔහු එසේ කියද්දී වලාකුළක් ඔවුන් වසා ගත්තේ ය. වලාවෙන් වැසී ගිය කල, ඔවුහු බය වූහ.
35
එවිට, “මේ මාගේ පුත්‍රයා ය, මා තෝරාගත් තැනැත්තාණන් ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආවේ ය.
36
ඒ කටහඬ නැවතුණු පසු, එතැන යේසුස්වහන්සේ පමණක් තනිව සිටිනු දක්නා ලදී. මේ දෑ ගැන මුනිවත රකිමින් ඔවුහු තමන් දුටු දෑ ගැන එකල්හිදී කිසිවකුටත් නො පැවසූහ.
37
පසු දින ඔවුන් කන්දෙන් බැස එන කල, මහත් ජන සමූහයක් උන්වහන්සේට මුණ ගැසිණි.
38
එවිට මෙන්න, පිරිසෙන් කෙනෙක් උන්වහන්සේට මොර ගසමින්, “ගුරුතුමනි, අනේ මගේ පුතා දෙස බලන්නැයි අයදින්නෙමි. මන්ද මොහු මාගේ එකම දරුවායි.
39
බලන්න, ආත්මයක් ඔහුට වැහී, හිටි හැටියේ කෑ මොර දෙයි; කටින් පෙණ දමන තුරු හොඳටෝම ඔහු වෙවුලවයි; දරුවාට බොහෝ වධ දී මිස, ලෙහෙසියෙන් ඉවත්ව නො යයි.
40
ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත් ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.
41
“අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කල් මම ඔබ සමඟ සිට ඔබ ගැන ඉවසා සිටිම් දැ?” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “ඔබේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැ” යි කී සේක.
42
ළමයා එද්දී ද යක්ෂාත්මය ඔහු වෙවුලවා බිම හෙළී ය. එහෙත් යේසුස්වහන්සේ අපවිත්‍ර ආත්මයට තරවටු කොට, දරුවා සුව කර, ඔහුගේ පියාට ඔහු බාර දුන් සේක.
43
ඔවුහු සියල්ලෝ දෙවියන්වහන්සේගේ මහානුභාවය ගැන මවිත වූහ. උන්වහන්සේ සිදු කළ සියල්ල ගැන සැවොම මවිත වෙමින් සිටියදී, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ,
44
“මේ වචන ඔබේ කන් පතුළට බසිත්වා. මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ඇතැ” යි පැවසූ සේක.
45
එහෙත් ඒ කියමන ඔවුන්ට වැටහුණේ නැත. එය ඔවුන්ගෙන් සැඟවී තිබුණේ ඔවුන්ට එය නො වැටහෙන පිණිස ය. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ.
46
තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි ඔවුන් අතර විවාදයක් හට ගත්තේ ය.
47
යේසුස්වහන්සේ ඔවුන්ගේ සිත්වල අදහස් දැන, කුඩා දරුවකු තමා පසෙකින් සිටුවා, තම ගෝලයින් අමතමින්,
48
“මාගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.
49
යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්ම දුරු කරනු අප දැක්කා. ඔහු නවතන්නට අප උත්සාහ කළා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වේ” යි කීවේ ය.
50
“ඔහු නවතන්න එපා! මන්ද ඔබට විරුද්ධ නැති තැනැත්තා ඔබේ පැත්තේ යැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.
51
යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත්ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර,
52
තමන්ට පෙරටුව දූතයින් යැවූ සේක. ඔවුහු උන්වහන්සේ උදෙසා පිළියෙල කරන්නට සමාරියයන්ගේ ගමකට පිවිසුණහ.
53
එහෙත් එහි ජනයා උන්වහන්සේ පිළිගත්තේ නැත; මන්ද උන්වහන්සේ යෙරුසලම දෙසට මුහුණ යොමු කර යමින් සිටි බැවිනි.
54
ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ.
55
එහෙත් උන්වහන්සේ ඔවුන් වෙත හැරී ඔවුනට තරවටු කළ සේක.
56
ඔවුහු වෙනත් ගමකට පිය නැඟූහ.
57
ඔවුන් ගමනේ යෙදෙද්දී, උන්වහන්සේ ඇමතූ කෙනෙක්, “ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසුපස එන්නෙමි” යි කීවේ ය.
58
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.
59
“මා අනුව එන්නැ” යි උන්වහන්සේ වෙනත් කෙනකුට කී විට, ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමිනි, පළමුව මා ගොස්, මගේ පියා භූමිදාන කරන්නට අවසර” යි කීවේ ය.
60
යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මළාහු තම මළවුන් වැළලුවා වේ. ඔබ ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ” යි කී සේක.
61
තවත් කෙනෙක්, “ස්වාමිනි, මම ඔබ අනුව එමි. එනමුත් පළමුව මගේ ගෙදර අයගෙන් සමුගෙන එන්නට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
62
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “නඟුලේ අත තබා, ආපසු හැරී බලන කිසිවකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ” යි පැවසූ සේක.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24