bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 8
Luke 8
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 9 →
1
මෙයින් පසු උන්වහන්සේ නගරයෙන් නගරය, ගමින් ගම දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුබ ආරංචිය දේශනා කරමින්, සැරි සැරූ සේක. දොළොස් දෙනා ද
2
යක්ෂාත්ම හා රෝගවලින් සුවය ලද ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් ද උන්වහන්සේ සමඟ වූහ. තමන් කෙරෙන් යකුන් හත්දෙනකු දුරු කරන ලද මග්දලේනා නම් වූ මරියා ද
3
හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ.
4
මහත් ජන සමූහයක් එක්රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්,
5
“වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මඟ දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ.
6
සමහරක් පර්වතය පිට වැටී, පැළවූ නමුදු, තෙතමනය නැති බැවින් වියළී ගියේ ය.
7
සමහරක් බීජ කටු පඳුරු අතරේ වැටී පැළ විය. කටු පැළ ද ඒ සමඟ වැවී, ඒවා යට කර දැමී ය.
8
සෙසු බීජ සරු බිමෙහි වැටී, පැළවී, එකට සියය බැගින් අස්වනු ඉපද වීය.” එසේ කියමින් උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි උස් හඬින් පැවසූ සේක.
9
ඒ උපමාවේ අරුත කුමක්දැයි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ.
10
එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මඟිනි. ඒ, “ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්, ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය.
11
“උපමාවේ අරුත මෙයයි: බීජ, දෙවියන්වහන්සේගේ වචනයයි.
12
මඟ දිගේ වපුළ වූ ඒවා වන්නේ, වචනය ඇසූ අයයි. එහෙත් ඔවුන් විශ්වාස කර, ගැලවීම නො ලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ හදවත්වලින් ඒ වචනය උදුරා ගනියි.
13
ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.
14
කටු අතරේ වැටුණු බීජ, අසන නමුත්, ඔවුන් තම ජීවිත ගමනේදී ජීවිතයේ කරදර, සම්පත් හා සැප සෙල්ලම්වලින් හිරවී සිටින අයයි. ඔවුන්ගේ පල මෝරන්නේ නැත.
15
සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.
16
“කිසිවකු පහනක් දල්වා බඳුනකින් වසන්නේවත්, ඇඳක් යට තබන්නේවත් නැත. කරන්නේ, ඇතුල් වන අයට එළිය පෙනෙන පිණිස, එය පහන් රුකක් මත තැබීම ය.
17
මන්ද එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසි රහසක්වත් නැත.
18
එබැවින් ඔබ අසන හැටි ගැන පරෙස්සම් වන්න. මන්ද ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහු, තමාට ඇතැයි ඔහු සිතන දේ පවා ගනු ලැබේ” යි කී සේක.
19
උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් උන්වහන්සේ වෙත ආ නමුදු සමූහයා නිසා උන්වහන්සේට ළං වීමට ඔවුන්ට හැකි වූයේ නැත.
20
එවිට, “අන්න ඔබේ මෑණියන් හා ඔබේ සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත ඉන්නවා” යි උන්වහන්සේට දන්වන ලදී.
21
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒවා පිළිපදින අය යැ” යි පැවසූ සේක.
22
දිනක් තම ගෝලයින් සමඟ ඔරුවකට නැගුණු යේසුස්වහන්සේ, “අපි විලෙන් එගොඩට යමු” යි කී සේක. එවිට ඔවුහු ඔරුව දියත් කළහ.
23
ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය.
24
එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය.
25
“කෝ! ඔබේ ඇදහිල්ල?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. බයින් ද විස්මයෙන් ද වෙළී ගිය ඔවුහු, “මොහු කවරෙක් ද? සුළඟට හා ජලයට පවා මොහු අණ දෙන කල ඒවා ද කීකරු වෙතැ” යි එකිනෙකාට පැවසූහ.
26
ඔවුහු ගලීලය ඉදිරිපිට පිහිටි ගෙරසේනයන්ගේ දේශයට ගොඩ බටහ.
27
යේසුස්වහන්සේ වෙරළට පිය නගත්ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවලම ලැග සිටියේ ය.
28
යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැඟුවේ ය.
29
මන්ද ඒ මිනිසාගෙන් පිට වී යන ලෙස ඒ අපවිත්‍ර ආත්මයට උන්වහන්සේ අණ කළ බැවිනි. මන්ද ඌ නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, ඔහුගේ දෑත දෙපය යදමින් බැඳ, මුර කරන ලදී. එහෙත් ඔහු ඒ බැමි බිඳ, යක්ෂාත්මය විසින් පාළු තැන් කරා පන්නනු ලැබ තිබිණ.
30
“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. යක්ෂාත්ම සමූහයක්ම ඔහුට ආවේශ ව සිටි බැවින්, “සේනාව ” යයි ඔහු පිළිතුරු දුන්නේ ය.
31
ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ.
32
මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල,
33
මිනිසා වෙතින් දුරුව ආ යක්ෂාත්මයෝ ඌරු රැළට වැහුණහ. එවිට බෑවුම පහළට වේගයෙන් දුව ගිය ඌරු රැළ විලේ ගිලී මළෝ ය.
34
සිදු වූ දේ දුටු ඌරු පල්ලෝ දුව ගොස්, නගරයේත්, ගමේත් ඒ වග පතළ කළහ;
35
කුමක් සිදු වීදැයි බලන්නට ඇදී ආ ජනයා, යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතුව, යේසුස්වහන්සේ පාමුල හිඳ සිටිනු දැක බය වූහ.
36
යක්ෂාත්මාවේශව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ.
37
ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත්ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක.
38
යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්,
39
“ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.
40
යේසුස්වහන්සේ ආපසු ආ කල, ජනයා සාදරයෙන් උන්වහන්සේ පිළිගත්හ. මන්ද උන්වහන්සේ එන තෙක් ඔවුන් මඟ බලා සිටි බැවිනි.
41
සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය.
42
මන්ද දොළොස් හැවිරිදි පමණ වූ ඔහුගේ එකම දියණිය මරණාසන්නව සිටියා ය. උන්වහන්සේ එහි යන අතර ජන සමූහයා උන්වහන්සේ වටා තෙරපුණහ.
43
දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. තමන් සතු සියල්ල වෙදුන්ට වියදම් කළා වුව ද, කිසිවකුටත් ඇය සුව කළ නො හැකි විය.
44
යේසුස්වහන්සේ පසුපසින් පැමිණි ඕ, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය; එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි.
45
“මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ, සියල්ලෝම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය.
46
එහෙත් යේසුස්වහන්සේ, “කවුරු නමුත් මට අත ගැසුවා; ආනුභාවය මගෙන් නික්මෙනු මට දැනුණා” යි පැවසූ සේක.
47
එවිට, තමාට වසං විය නො හැකි වග දුටු ස්ත්‍රිය ගැහි-ගැහී අවුත්, උන්වහන්සේ පාමුල වැටී, තමා උන්වහන්සේට අත ගැසූ හේතුවත්, වහා සුවය ලද අයුරුත් සියල්ලන් ඉදිරියේ විස්තර කළා ය.
48
එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්නැ” යි කී සේක.
49
උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ කෙනෙක්, “ඔබේ දියණිය මිය ගියා. තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්න එපා” යි දැන්වී ය.
50
ඒ ඇසූ යේසුස්වහන්සේ ඔහු අමතා, “බය නො වන්න; විශ්වාසයෙන්ම සිටින්න; ඇය සනීප වනු ඇතැ” යි කී සේක.
51
උන්වහන්සේ යායිරස්ගේ නිවසට පැමිණි පසු පේතෘස්, යොහන් හා යාකොබ් ද දැරියගේ මවු පිය දෙපල ද හැර, අන් කිසිවකුට තමන් සමඟ ඇතුළු වීමට ඉඩ නුදුන් සේක.
52
සියල්ලන්ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
53
ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.
54
එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක.
55
ඇගේ ප්‍රාණය ආපසු හැරී ආයෙන්, ඕ එක්වනම නැගී සිටියා ය. ඇයට කෑමට යමක් දෙන්නැයි උන්වහන්සේ කී සේක.
56
ඇගේ මව්පියෝ විස්මිත වූහ. එහෙත් සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණ කළ සේක.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24