bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 17
Luke 17
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
1
යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “පවට පොලඹවන පරීක්ෂා ඇතිවීම නියතයි. එහෙත් ඒ පෙලඹවීම් ඇති වන්නේ කවරකු මඟින් ද, ඔහුට දුක් වේ;
2
මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් ගෙල වටා එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩා හොඳ ය.
3
එබැවින් පරෙස්සම් වන්න! “ඔබේ සහෝදරයා පව් කරයි නම්, ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වේ නම්, ඔහුට කමා වන්න.
4
ඔහු දවසකට හත් වාරයක් ඔබට එරෙහිව පව් කොට, හත් වාරයක්ම ඔබ වෙත හැරී, ‘මා පසුතැවිලි වෙනවා’ යි කීවත්, ඔබ ඔහුට කමා විය යුතු යැ” යි පැවසූ සේක.
5
අපෝස්තුලුවරු ස්වාමින්වහන්සේට කතා කොට, “අපගේ ඇදහිල්ල වැඩි කරන්නැ” යි කීහ.
6
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අබ ඇටයක් තරම ඇබින්දක ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කතා කොට, ‘මුලින් ඉදිරී ගොස්, මුහුදේ පැළවෙනු’ යි කියන්නට ඔබට පුළුවන. එවිට එය ඔබට අවනත වෙයි.
7
“ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද?
8
එසේ නො ව, ඔබ ඔහු අමතා, ‘මට ආහාර පිළියෙල කර, නිසි ඇඳුමක් හැඳ, මා කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබටත් කන්න පුළුවනැ’ යි කියන්නේ නැති ද?
9
එම දාසයා තමන්ට අණ කළ දෑ ඉටු කළ විට, ඔහු ඔහුට ස්තුති කරනවා ද?
10
එසේම ඔබත්, ඔබට නියම කළ සියල්ල ඉටු කළ පසු, ‘අප නො වටිනා දාසයෝ ය; අප කළේ අපගේ කාරිය ඉටු කිරීම පමණ ය’ කියා කියන්නැ” යි පැවසූ සේක.
11
යේසුස්වහන්සේ යෙරුසලම බලා ගමන් ගත්තේ සමාරිය හා ගලීලය යා වෙන දේශ සීමාව ඔස්සේ ය.
12
උන්වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, කුෂ්ඨ රෝගීන් දහ දෙනෙක් උන්වහන්සේට හමු විණ. ඔවුහු ඈතින් නැවතී සිට,
13
උස් හඬ නගා, “යේසුස් ආචාරිනි, අපට අනුකම්පා කරන්නැ” යි කීහ.
14
උන්වහන්සේ ඔවුන් දෙස බලා, “ගොස්, පූජකයින් වෙත පෙනී සිටින්නැ” යි ඔවුන්ට පැවසූ සේක. එසේ යන අතරේ ඔවුහු පවිත්‍ර කරන ලදහ.
15
ඔවුන් අතරින් කෙනෙක්, තමන් සුවය ලද වග දැක, හඬ නගා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ආපසු හැරී අවුත්,
16
යේසුස්වහන්සේගේ පාමුල මුහුණ ඔබා, උන්වහන්සේට ස්තුති කළේ ය. ඔහු සමාරීය වැසියෙකි.
17
එවිට යේසුස්වහන්සේ, “දහදෙනාම පවිත්‍ර වූවා නො වේ ද? අනෙක් නවදෙනා කොහේ ද?
18
දෙවියන්වහන්සේට ගෞරව පුදන්නට මේ විජාතිකයා මිස වෙන කෙනකු ආපසු ආවේ නැති ද?” කියා,
19
ඒ මිනිසා අමතමින්, “නැගිට, ඔබේ ගමන යන්න. ඔබේ ඇදහිල්ල ඔබ සුව කළා” යි පැවසූ සේක.
20
දෙවියන්වහන්සේගේ රාජ්‍යය කවදා ඒදැයි වරක් පරිසිවරුන් විසින් අසන ලදුව, උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය, නිරීක්ෂණයට ලකුණු සමඟ පැමිණෙන්නේ නැත.
21
‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ ” යි පැවසූ සේක.
22
ඉන්පසු ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලින් එකක් දකින්නට ඔබ ආශා වන කාලයක් පැමිණේ; එහෙත් ඔබ එය දකින්නේ නැත.
23
‘අතැන බලන්න; මෙතැන බලන්න’ කියා ඔවුන් ඔබට කියනු ඇත. ඒ අසා පිටතට නො යන්න; ඔවුන් පස්සේ නො යන්න.
24
මන්ද විදුලිය, එක් කොණක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේම වන සේක.
25
එහෙත් පළමු කොට, උන්වහන්සේ බොහෝ දේ විඳින්නටත්, මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් යුතුව ඇත.
26
“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි.
27
නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජල ගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.
28
“ලොත්ගේ දවස්වල වූයේත් එයමයි. ඔවුහු කමින් හා බොමින් ද මිලයට ගනිමින් හා විකුණමින් ද වගා කරමින් හා ගොඩ නගමින් ද කල් යැවූහ.
29
එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
30
“මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දවසේ ද ඒ අයුරින් සිදුවන්නේ ය.
31
ඒ දවසේ ගෙයි පියස්සේ සිටින්නා, ගෙතුළ ඇති තම බඩු ගන්නට පහළ නො බසීවා. එසේම, කෙතේ සිටින්නා ද ආපසු නො ඒවා.
32
ලොත්ගේ භාර්යාව සිහි කරන්න!
33
තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් තම ජීවිතය අහිමි කරගන්නා, එය රැකගනී.
34
මම ඔබට කියමි, ඒ රැයේදී දෙදෙනකු එක් යහනක නිදා සිටිනු ඇත; ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දැමේ.
35
ස්ත්‍රීන් දෙදෙනකු එක්ව ධාන්‍ය අඹරමින් සිටිනු ඇත; එක් තැනැත්තියක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දැමේ” යි පැවසූ සේක.
36
මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.
37
එවිට ගෝලයෝ, “කොහේ ද ස්වාමිනි?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මළකුණ කොතැන ද එතැනට ගිජු ලිහිණි රැස් වෙති” යි කී සේක.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24