bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 12
Luke 12
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 13 →
1
මේ අතරතුර එකිනෙකා පෑගෙන තරමට දහස් ගණනින් ජන සමූහයා එක්රැස් වූ කල, පළමුවෙන් තම ගෝලයින් ඇමතූ යේසුස්වහන්සේ, “පරිසිවරුන්ගේ කුහකකම නැමති මුහුන්වලින් පරෙස්සම් වන්න.
2
එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත; දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත.
3
එබැවින් අඳුරේ ඔබ කී දෑ, ආලෝකයේදී අසන්නට ලැබේ. තවද පෞද්ගලික කාමර තුළදී කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබේ.
4
“මා මිතුරනි, මා ඔබට කියන්නේ, ශරීරය නසා දමන, ඊට පසු, වඩා වැඩි දෙයක් කළ නො හැකි අයට බය නො වන්න කියායි.
5
එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.
6
තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනකු විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් දෙවියන්වහන්සේට අමතක නො වේ.
7
සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
8
“මම ඔබට කියන්නම්; මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී මනුෂ්‍ය පුත්‍රයා විසින් පිළිගනු ලබති.
9
එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත්, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කෙරේ.
10
මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන හැම කෙනකුට කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කවරකුටවත් කමා කරනු නො ලැබේ.
11
“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.
12
මන්ද ඔබ කිව යුත්තේ කුමක්දැයි ඒ පැයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියා දෙනු ඇතැ” යි පැවසූ සේක.
13
සමූහයා අතරින් කෙනෙක් කතා කරමින්, “ගුරුතුමනි, මා සමඟ උරුමය බෙදා ගන්නා ලෙස මගේ සහෝදරයාට කියන්නැ” යි ඉල්ලී ය.
14
එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක.
15
ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.
16
උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ.
17
එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය.
18
“ ‘හරි! මා කරන්නේ මෙයයි; මගේ අටු-කොටු කඩා, වඩා විශාල ඒවා ගොඩ නගා, මගේ ධාන්‍යයත්, බඩු භාණ්ඩත් එහි ගබඩා කරනවා.
19
ඉන්පසු මම, මටම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය.
20
“එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥාන ය, අද රැයේම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.
21
“දෙවියන්වහන්සේ හමුවේ පොහොසත් නො වී, තමන් උදෙසා වස්තුව රැස් කරන අය ඒ ආකාර වෙතැ” යි පැවසූ සේක.
22
උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි.
23
මන්ද ජීවිතය, කෑමට වඩා වටිනා දෙයකි. ශරීරය, ඇඳුමට වඩා වටිනා දෙයකි.
24
කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද!
25
කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?
26
එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද?
27
“මානෙල් වැඩෙනා හැටි සිතා බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නම්; සලමොන් පවා ඔහුගේ රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැත.
28
අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද?
29
එබැවින් කන්නේ මොනවා ද බොන්නේ මොනවාදැයි නො සොයන්න; ඒ ගැන කනස්සලු නො වන්න.
30
මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක.
31
එනමුත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
32
“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.
33
ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති ස්වර්ගීය සම්පත් සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත.
34
මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැනම ය.
35
“ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න.
36
විවාහ උත්සවයෙන් පසු, තම ස්වාමියා පෙරළා අවුත්, දොරට තට්ටු කළ සැණෙන් දොර අරින්නට බලා සිටින මිනිසුන් සේ සිටින්න.
37
ස්වාමියා එන කල, තම සේවකයින් අවදිව සිටිනු ඔහු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නම්; එතුමා සේවා ඇඳුම් හැඳ, කෑමට ඔවුන් හිඳුවා ඔවුන්ට ආවතේව කරනු ඇත.
38
ස්වාමියා දෙවන යාමයේ හෝ තුන්වැන්නේ අවුත්, ඔවුන් එලෙස සිටිනු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය.
39
එහෙත් සිහි තබාගන්න. සොරා එන්නේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.
40
එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.
41
එවිට පේතෘස් කතා කරමින්, “ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපට ද, නැතිනම් හැමෝටම දැ?” යි ඇසී ය.
42
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති කළමනාකරු කවුරු ද?
43
ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය.
44
සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි.
45
එහෙත් ඒ සේවකයා, ‘මාගේ ස්වාමියා ඒමට පමා වේවි’ යි තමාටම කියා ගනිමින්, සෙසු සේවක සේවිකාවන්ට පහර දීමටත්, කමින්-බොමින් මත් වීමටත් පටන් ගතහොත්,
46
එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, දෙකට කපා, ඔහු අවිශ්වාසවූවන් අතරට ඇද දමනු ඇත.
47
“තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩිව පහර කනු ඇත.
48
එනමුත් නො දැන, එහෙත් පහර දෙනු ලැබීමට පාත්රවන දේ කරන්නා පහර ලබන්නේ සුළු වශයෙනි. යමකුට බොහෝ සේ දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් අය කරනු ලැබේ. එසේම යමකුට බොහෝ දේ භාර දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් ඉල්ලනු ලැබේ.
49
“මා ආවේ පොළොව මත ගිනි අවුළුවන්නට ය. දැනටමත් එය ඇවිළ තිබේ නම් මා කොපමණ කැමති ද!
50
එහෙත් එක්තරා බව්තීස්මයකින් මට බව්තීස්ම ලබන්නට තිබේ. එය ඉටු වන තුරු මට ඇත්තේ කොතරම් සංවේගයක් ද!
51
පොළොවේ සාමය සලසන්නට මා ආවා යයි ඔබ සිතනවා ද? එසේ නො වෙයි; මම ඔබට කියන්නම්; මා ආවේ භේද ඇති කරන්නයි.
52
මන්ද මෙතැන් පටන් එක පවුලේ පස් දෙනකු අතරේ දෙදෙනකුට එරෙහිව තිදෙනකු ද තිදෙනකුට එරෙහිව දෙදෙනකු ද භේද කරනු ලැබේ.
53
පුතාට එරෙහිව පියාත්, පියාට එරෙහිව පුතාත්, දුවට එරෙහිව මවත්, මවට එරෙහිව දුවත්, ලේලියට එරෙහිව නැන්දණියත්, නැන්දණියට එරෙහිව ලේලියත් යන වශයෙන් ඔවුහු භේද කරනු ලබති” යි පැවසූ සේක.
54
සමූහයා ඇමතූ උන්වහන්සේ, “බස්නාහිරින් වලාකුළක් නැගෙනු දකින විගස ‘වැස්සක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.
55
දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.
56
එම්බා වංචනිකයිනි, පොළොවේත්, අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට එසේ නම්, මේ වත්මන් කාලය ගැන අරුත් නො දක්වන්නේ ඇයි?
57
“හරි දේ කුමක්දැයි ඔබම තීන්දු නො කරන්නේ ඇයි?
58
ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිරගෙයි දමනු ඇත.
59
මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24