bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Luke 20
Luke 20
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 21 →
1
දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,
2
උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ.
3
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්; මට කියන්න,
4
යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක.
5
ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි අප කීවොත්, ‘ඔබ යොහන් විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි;
6
‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ.
7
එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ.
8
යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.
9
උන්වහන්සේ ජනයාට මෙම උපමා කතාව කියන්නට වන් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට බදු දී, දිගු කලකට පිට රටකට ගියේ ය.
10
නිසි කල පැමිණි විට, මිදි වත්තේ පලවලින් කොටසක් ඔවුන් තමාට ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත සේවකයකු යැවී ය. එහෙත් බදුකරුවෝ ඔහුට තළා, හිස් අතින්ම ආපසු හැරියහ.
11
එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගතව සලකා, හිස් අතින්ම පලවා හැරියහ.
12
ඔහු යළි තුන්වැන්නකු යැවී ය. ඔවුහු ඔහුට තුවාල කොට, ඔහු පිටතට පලවා හැරියහ.
13
“එවිට මිදි වතු හිමියා, ‘කුමක් ද මා කරන්නේ? මම මගේ ප්‍රේමණීය පුත්‍රයා යවමි. ඇතැම් විට ඔවුන් ඔහුට ගරු කරනු ඇතැ’ යි කීවේ ය.
14
“එහෙත් බදුකරුවෝ ඔහු දුටු කල, තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා, මොහු අල්ලා මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ.
15
මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ. “දැන්, මිදි වතු හිමියා ඔවුනට කුමක් කරනු ඇද්ද?
16
ඔහු ඇවිත් මේ බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇතැ” යි පැවසූ සේක. ඒ ඇසූ ජනයා, “නෑ; එසේ නො වේවා!” යි පැවසූහ.
17
එක එල්ලේම ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “එසේ නම්, මෙසේ ලියා ඇත්තේ කුමක් ද: “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් කරනු ලැබී ය.’
18
ඒ ගල පිට වැටෙන කවුරු නමුත් කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු මත වැටේ ද එයින් ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.
19
එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් දහම් පඬිවරු හා නායක පූජකවරු ඒ අවස්ථාවේම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ඔවුහු ජනතාවට බය වූහ.
20
එබැවින් ඔවුහු විපරමින් සිට, අවංකයින් සේ පෙන්නුම් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ වෙත යැවූහ. එසේ කළේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර, ආණ්ඩුකාරයාගේ බලාධිකාරියට ද ආධිපත්‍යයට ද උන්වහන්සේ බාර දෙන අදහසින් ය.
21
මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන වගත් අප දන්නවා.
22
සීසර්ට බදු ගෙවීම අපට නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.
23
එහෙත් ඔවුන්ගේ ප්‍රයෝගකාරීත්වය වටහා ගත් උන්වහන්සේ,
24
“මට ඩිනාරියක කාසියක් පෙන්වන්න; මෙහි ඇති රූපයත්, කොටා ඇති සටහනත් කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ.
25
එවිට උන්වහන්සේ, “එසේ නම්, සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට පැවසූ සේක.
26
ජනයා ඉදිරියේ කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට අපොහොසත් වූ ඔවුහු උන්වහන්සේගේ පිළිතුරෙන් මවිතව, නිහඬ වූහ.
27
මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරුන්ගෙන් ඇතමෙක් උන්වහන්සේ වෙත පැමිණ,
28
උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි.
29
ඉදින් සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කරගෙන දරු පල නො ලැබ මිය ගියා.
30
පසුව දෙවැන්නාත්,
31
ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනාම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබම මිය ගියා.
32
අවසානයේදී ඒ ස්ත්‍රිය ද මිය ගියා.
33
මෙසේ, ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින්, මරණින් නැවත නැගිටීමේදී මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.
34
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ යුගයේ පුත්‍රයෝ ආවාහ කර ගනිති; විවාහ කරදෙති.
35
එහෙත් එම යුගය අත්කර ගැනීමට හා මළවුන්ගෙන් නැවත නැගිටීමට සුදුස්සන් යැයි ගණන් ගනු ලබන්නන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත.
36
ඉන්පසු මියෙන්නට ඔවුන්ට නුපුළුවන; මන්ද ඔවුහු දේව දූතයින්ට සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයින් වීමෙන්, ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් වෙති.
37
දැවෙන පඳුර පිළිබඳ කොටසෙහි, මළවුන් නැවත නැගිටුවනු ලබන වග මෝසෙස් පවා පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ ස්වාමින්වහන්සේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය’ යනුවෙනි.
38
උන්වහන්සේ මළවුන්ගේ නො ව ජීවතුන්ගේ දෙවියන්වහන්සේ ය. මන්ද උන්වහන්සේට සියල්ලන්ම ජීවතුන් වන බැවිනි” පැවසූ සේක.
39
එවිට දහම් පඬිවර ඇතමෙක්, “අගේ ඇති කියමන ගුරුතුමනි” යි කීහ.
40
තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.
41
උන්වහන්සේ ඔවුන්ට කියන සේක්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි ඔවුන් කියන්නේ කෙසේ ද?
42
දාවිත් ම ගීතාවලිය පොතේ මෙසේ පවසයි: “ ‘මා විසින් ඔබේ සතුර න්ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට පැවසූ සේක.”
43
මෙසේ, දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියයි නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?
44
මුළු ජනකාය අසා සිටියදී, උන්වහන්සේ තම ගෝලයින් අමතමින්,
45
“දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.
46
ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24