bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 11
2 Kings 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 12 →
1
අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.
2
නුමුත් යෝරාම් රජුගේ දුවූ අහසියාගේ සහෝදරීවූ යෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ්ද ඔහුගේ කිරිමවද යහන්ගෙට හොරෙන් ගෙනගියාය; ඔහු මරනු නොලබන ලෙස ඔව්හු අතලියාගෙන් ඔහු සැඟෙවුවෝය.
3
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.
4
සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:
5
ඔබ සැම විසින් කරන්ට ඕනෑ දේ මේය-සබත් දවසේදී ඇතුල්වෙන ඔබ සැමගෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,
6
තුනෙන් කොටසක් සූර් දොරටුවේද තුනෙන් කොටසක් මුරකාරයන්ට එහායින් තිබෙන දොරටුවේද සිටින්න. මෙසේ ගෘහය මුරකර ආරක්ෂාකරන්න.
7
ඔබ සැමගෙන් කොට්ඨාස දෙකක්වන සබත් දවසේදී පිටත යන සියල්ලෝම රජු ළඟ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි මුරකරන්න.
8
ඔබ සැම එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට ඔබ සැම ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය.
9
ශතාධිපතියෝ යෙහෝයාදා පූජකයා අණකළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් සබත් දවසේදී පිටත යන තැනැත්තන්ද සමඟ කැඳවාගන යෙහෝයාදා පූජකයා ළඟට ආවෝය.
10
පූජකයා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය.
11
මුරකාරයෝ එකඑකා තම තමාගේ අතින් ආයුධ රැගෙන ගෘහයේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටියෝය.
12
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.
13
අතලියා තොමෝ මුරකාරයන්ගෙත් සෙනඟගෙත් ඝෝෂාව අසා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි සිටි සෙනඟ ළඟට ආවාය.
14
ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.
15
එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.
16
මෙසේ ඔව්හු ඈට යන්ට ඉඩ ඇරියෝය; ඈ රජගෙදරට අශ්වයන් ඇතුල්වෙන මාර්ගයෙන් ගොස් එහිදී මරනුලැබුවාය.
17
යෙහෝයාදා තෙමේ ස්වාමීන්වහන්සේ ගේ සෙනඟව සිටින හැටියට ස්වාමීන්වහන්සේ සහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය.
18
දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේ ගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.
19
තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය.
20
මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූවෝය, නුවරද නිශ්චලව තිබුණේය. ඔව්හු අතලියා රජගෙදරදී කඩුවෙන් මැරුවෝය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25