bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 21
2 Kings 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 22 →
1
මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය.
2
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
3
තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
4
තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේය.
5
ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මිදුල් දෙකෙහි මුළු අහස් සේනාවටත් පූජාසන ගොඩනැඟුවේය.
6
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.
7
තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
8
මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.
9
එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය.
10
ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අනාගතවක්තෘන් ලවා කථාකරවා:
11
යුදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යුදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,
12
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, අසන සියල්ලන්ගේ කන්දෙක ලෙළදෙන තරම් මම යෙරුසලම සහ යුදාවරුන් පිටට විපත්තිය පමුණුවන්නෙමි.
13
තවද සමාරිය මැන්න ලනුවද ආහබ්ගේ වංශයේ ලඹයද යෙරුසලම කෙරෙහි අල්ලා, මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි.
14
මාගේ උරුමයෙන් ඉතුරු කොටස මම අත්හැරදමා, ඔවුන් තමුන්ගේ සියලු සතුරන්ට ගොදුරක්ද කොල්ලයක්ද වෙන පිණිස ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් පාවාදෙන්නෙමි;
15
මක්නිසාද ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත්ව ආ දවස පටන් අද දවස දක්වාම ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝයයි වදාරනසේකැයි කියෙවුසේක.
16
තවද ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යුදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.
17
මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහු කළ පාපයද ගැන යුදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?
18
මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී, තමාගේ ගෙට අයිති උයන වන උස්සාගේ උයනෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවුණේය.
19
ආමොන් විසි අවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මෙෂුල්ලෙමෙත්ය, ඈ යොත්බාහි හාරුශ්ගේ දුවෙක්ය.
20
ඔහු තමාගේ පියවූ මනස්සේ කළ ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට,
21
තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය.
22
ඔහු ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරියේය.
23
ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.
24
නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.
25
ආමොන් කළ අනික් ක්‍රියා යුදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?
26
උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25