bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 4
2 Kings 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 5 →
1
ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.
2
එලිෂා කථාකොට: මම ඔබට කුමක්කරම්ද? ගෙයි ඔබට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය.
3
එවිට ඔහු: ඔබ පිටත ගොස් ඔබේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න.
4
ඔබත් ඔබේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය.
5
ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය.
6
භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය.
7
එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත් ඔබේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.
8
එක් දවසක් එලිෂා ෂුනෙම්ට ගියේය. එහි සිටි උත්තම ස්ත්‍රියෙක් කෑම කන්ට ඔහුට පෙරැත්තකළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය.
9
ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.
10
අපි බිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්ට පුළුවනැයි කීවාය.
11
එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය.
12
තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය.
13
එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් ඔබ අප ගැන සැලකුවෙහිය; ඔබ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය.
14
එසේවීනම් ඈ උදෙසා කරන්ට තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසුවේය. ගෙහාසී: ඈට පුත්‍රයෙක් නැත; ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය.
15
ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය.
16
ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය.
17
ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය.
18
ඒ ළමයා වැඩුණුකල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තමාගේ පියා ළඟට ගියේය.
19
එවිට ඔහු: අනේ මගේ ඔළුව, මගේ ඔළුව යයි තමාගේ පියාට කීය. පියාද: ඔහුගේ මවු ළඟට ඔහු ගෙනියන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය.
20
වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය.
21
එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය.
22
තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය.
23
ඔහුද: ඔබ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,
24
කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා ඔබට නොකියා, මා නිසා ඔබේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.
25
මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණියාය. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඈ දුරදී දැක තමාගේ මෙහෙකරුවූ ගෙහාසීට කථාකොට: අන්න, අර ෂුනෙම්මිය ස්ත්‍රී එනවා.
26
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: ඔබ සුවසේද? ඔබේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
27
ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි; ස්වාමීන්වහන්සේ එය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය.
28
එවිට ඈ: මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම්ද? මා රවටන්ට එපායයි නොකීයෙම්දැයි කීවාය.
29
එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් ඔබට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.
30
නුමුත් ළමයාගේ මවු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය.
31
ගෙහාසී ඔවුන්ට ඉස්සරව ගොස් සැරයටිය ළමයාගේ මුහුණ පිට තැබුවේය; නුමුත් කිසි හඬක්වත් සැලකීමක්වත් නොවීය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමගට හැරී ඇවිත්: ළමයා පිබිදුණේ නැතැයි ඔහුට දැන්නුවේය.
32
එලිෂා ඒ ගෙදරට පැමුණුණ විට ළමයා මැරී තමාගේ ඇඳේබාවා ඉන්නවා දුටුවේය.
33
එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගන ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකෙළේය.
34
තවද ඔහු නැගීගොස් ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගාවුණේය; ළමයාගේ මාංසයද උණුහුම් වුණේය.
35
එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය.
36
ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: ඔබේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය.
37
ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.
38
එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.
39
එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය.
40
තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය.
41
ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.
42
තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.
43
ඔහුගේ මෙහෙකරුවා: කිමෙක්ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්ටදැයි කීවේය. එහෙත් ඔහු: ඒවා සෙනඟට කන්ට දෙන්න; මක්නිසාද-ඔවුන් කා ඉතුරුකරනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
44
එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබීය, ඔව්හු එයින් කා ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස ඉතුරු කළෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25