bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 19
2 Kings 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 20 →
1
හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වුණේය.
2
තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය.
3
ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය-අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත.
4
ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය.
5
මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය.
6
යෙසායා ඔවුන්ට කථාකොට: ඔබ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න.
7
ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි ඔබ සැමගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
8
අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.
9
කූෂ්හි රජවූ තිර්හාකා රජ ඔබට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා:
10
ඔබ සැම යුදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න-අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා ඔබ විශ්වාසකරන ඔබේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න.
11
මෙන්න, අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව ඔබ අසා තිබේ. එසේ නම් ඔබ ගැළවෙනවා ඇද්ද?
12
මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද?
13
හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.
14
හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගොස්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක විදහා පා,
15
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක.
16
ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුවමැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව.
17
ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට
18
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
19
එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබම, ඔබ පමණක්ම ස්වාමිවූ දෙවියන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
20
එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
21
ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය-සියොනේ කන්‍යා දුව ඔබ සුළුකරනවාය, ඔබට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව ඔබට ඉස වනනවාය.
22
ඔබ නින්දාකළෙත් අපහාස කළෙත් කාටද? ඔබ හඬනැගුවෙත් ඔබේ ඇස් උඩට එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය.
23
ඔබේ පණිවිඩකාරයන් ලවා ඔබ ස්වාමීන්වහන්සේ ට නින්දාකරවා කථාකොට: මාගේ රථ සමූහය හා සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපා දමා, ඒකේ දුරස්තර නිවාසවලටත් උයනක් වැනි ඒකේ වනයටත් ඇතුල්වන්නෙමි.
24
මම හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මාගේ අඩි තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.
25
මම බොහෝ කාලයක සිට ඒක අභිප්‍රායකර, පුරාණයේ දවස්වල පටන් ඒක නියම කළ බව ඔබ ඇසුවේ නැද්ද? දැන් ඔබ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ට කෙළෙමි.
26
එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැලඹී වියවුලට පත්වුණෝය; ඔව්හු කෙතේ තෘණද අමුපලාද පියසි උඩ තණකොළද වැඩෙන්ට පළමුවෙන් වේළුන ගොයම්ද මෙන් වූවෝය.
27
නුමුත් මම ඔබේ හිදීමද ඔබේ යාමඊමද මට විරුද්ධව තිබෙන ඔබේ කැරළිකාරකමද දනිමි.
28
මට විරුද්ධව තිබෙන ඔබේ කැරළිකාරකම නිසාද ඔබේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද ඔබේ නාසයේ මාගේ වළල්ලත් ඔබේ කටේ මාගේ කටකලියාවත් දමා, ඔබ ආ මාර්ගයෙන් ඔබ හරවා යවන්නෙමි යනුයි.
29
මෙය ඔබට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් ඔබ සැම කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ ඔබ සැම වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
30
යුදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් ඵල දරනවා ඇත.
31
මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදුණ ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ ජ්වලිතකම මෙය ඉෂ්ටකරන්නේය.
32
එබැවින් ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: අෂූර්හි රජ මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත.
33
ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මගින් හැරී යන්නේ යයි ස්වාමීන්වහන්සේ කියනසේක.
34
මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
35
ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය.
36
එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය.
37
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25