bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 3
2 Kings 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 4 →
1
තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යුදාහි රජවූ යෙහෝෂාපාට් දහ අටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය.
2
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය.
3
එසේ වුවත් ඔහු ඉශ්රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.
4
මෝවබ්හි රජවූ මෙෂා බැටළු හිමියෙක්ව සිටියේය; ඔහු ඉශ්රායෙල් රජුට එක් ලක්ෂයක් බැටළු පැටවුන්ගෙන්ද එක් ලක්ෂයක් බැටළුවන්ගේද ලෝම දෙන සිරිතක් තිබුණේය.
5
නුමුත් ආහබ් මැරුණු කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධව කැරළිගැසීය.
6
යෙහෝරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස්කොට ගණන්කෙළේය.
7
තවද ඔහු ගොස් යුදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.
8
ඔහු: අපි කුමන පාරකින් යමුදැයි ඇසුවේය. ඔහුද: ඒදොම් කාන්තාරයේ පාරෙන්යයි උත්තරදුන්නේය.
9
මෙසේ ඉශ්රායෙල්හි රජද යුදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය.
10
එවිට ඉශ්රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.
11
නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.
12
යෙහෝෂාපාට්ද: ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙත තිබේයයි කීය. මෙසේ ඉශ්රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියෝය.
13
එලිෂා ඉශ්රායෙල් රජුට කථාකොට: මාගෙන් ඔබට කම මොකද? ඔබේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් ඔබේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.
14
එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යුදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා ඔබ දෙස බලන්නේවත් ඔබ දකින්නේවත් නැත.
15
දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේ ගේ හස්තය එලිෂා පිටට පැමිණියේය.
16
ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ මිටියාවත පුරාම අගල් කපන්න.
17
මක්නිසාද ඔබ සැම හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් ඔබ සැමටත් ඔබ සැමගේ සිවුපාවුන්ටත් ඔබ සැමගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18
මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද ඔබ සැම අතට පාවාදෙනසේක.
19
ඔබ සැම පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් නරන්නහුයයි කීවේය.
20
පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.
21
තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.
22
ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය;
23
සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය.
24
ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය.
25
ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙසතේහි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.
26
මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.
27
එකල ඔහු තමා වෙනුවට රජ වෙන්ට සිටි තමාගේ කුලුඳුල් පුත්‍රයා රැගෙන දවන පූජාවක් කොට පවුර පිට පුදකෙළේය. මහත් උදහසක්ද ඉශ්රායෙල් පිටට පැමුණුණේය. එවිට ඔව්හු ඔහු වෙතින් අහක්වී තමුන්ගේ දේශයට හැරී ගියෝය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25