bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 13
2 Kings 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 14 →
1
අහසියාගේ පුත්‍රවූ යුදාහි රජවූ යෝවාෂ්ගේ විසිතුන්වෙනි අවුරුද්දේ යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජවී දහහත් අවුරුද්දක් රජකම් කෙළේය.
2
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් ඉශ්රායෙල්වරුන්ට පව්කිරීමට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී ඒවායේ හැටියට හැසුරුණේය.
3
ස්වාමීන්වහන්සේ ගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළ උන්වහන්සේ සිරියේ රජවූ හසායෙල් අතටත් හසායෙල්ගේ පුත්‍රවූ බෙන්-හදද් අතටත් ඒ කාලය මුළුල්ලෙහි ඔවුන් පාවාදුන්සේක.
4
නුමුත් යෙහෝවාහාස් ස්වාමීන්වහන්සේ ට කන්නලව්කළ විට ස්වාමීන්වහන්සේ ඔහුට ඇහුම්කන්දුන්සේක. මක්නිසාද සිරියේ රජ ඉශ්රායෙල්ට පීඩා කරන විට, ඔවුන්ට පැමුණුණු පීඩාව ස්වාමීන්වහන්සේ දුටුසේක.
5
(තවද ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.
6
එසේවීනුමුත් ඔව්හු ඉශ්රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ යෙරොබොවම්ගේ වංශයේ පාපවලින් අහක්නොවී ඒවායෙහි හැසුරුණෝය. අෂේරාකණුද ඒ වන තෙක් සමාරියේ තිබුණේය.)
7
සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.
8
යෙහෝවාහාස්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ වික්‍රමයද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
9
යෙහෝවාහාස්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෝවාෂ් ඔහු වෙනුවට රජ වුණේය.
10
යුදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය.
11
ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, ඉශ්රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් අහක්නොවී, ඒවායෙහි හැසුරුණේය.
12
යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යුදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
13
යෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; යෙරොබොවම් ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තේය. යෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත්කරනු ලැබුවේය.
14
එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.
15
එලිෂාද: දුන්නක් හා ඊගස් ගන්නැයි ඔහුට කීය. ඔහු දුන්න සහ ඊගස් ගත්තේය.
16
එලිෂා: ඔබේ අත දුන්න පිට තබන්නැයි ඉශ්රායෙල් රජුට කීවේය. ඔහු තමාගේ අත තැබුවේය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා:
17
නැගෙනහිර කවුළුව අරින්නැයි කීවේය. ඔහු ඒක ඇරියවිට: විදින්නැයි එලිෂා කීවේය. ඔහු විද්දේය. එවිට එලිෂා ඒ ස්වාමීන්වහන්සේ ගේ ජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. ඔබ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහියයි කීවේය.
18
ඔහු: ඊගස් ගන්නැයි කීවේය. ඔහු ගත්විට: බිම ගසන්නැයි ඔහු ඉශ්රායෙල් රජුට කීවේය. ඔහු තුන් වරක් ගසා නැවතුණේය.
19
එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස්වී: ඔබ පස්වරක් හෝ හයවරක් ගසන්ට යුතුව තිබුණේය; එසේ කෙළේවී නම් ඔබ සිරියවරුන් විනාශවන තුරු ඔවුන්ට පහරදෙනවා ඇත. නුමුත් දැන් ඔබ තුන්වරක් පමණක් සිරියවරුන්ට පහරදෙන්නෙහියයි කීවේය.
20
එලිෂා මැරී තැන්පත්කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදාවල් දේශයට ඇතුල්වූවෝය.
21
මිනිස්සු මිනියක් වළලන්ට යනවිට හමුදාවක් දැක එලිෂාගේ සෙහොන්ගෙයි ඒ මිනිය දැමුවෝය. ඒ මිනිය එලිෂාගේ ඇටවලට තැවරුණු හැටියේම පණ ලැබ නැගිට සිටියේය.
22
සිරියේ රජවූ හසායෙල් යෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩාකෙළේය.
23
නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.
24
සිරියේ රජවූ හසායෙල් මළේය; ඔහුගේ පුත්‍රවූ බෙන්-හදද් ඔහු වෙනුවට රජවුණේය.
25
යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25