bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 16
2 Kings 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 17 →
1
රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යුදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය.
2
ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකර,
3
ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය.
4
ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.
5
එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය.
6
ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති.
7
එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය.
8
තවද ආහාස් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.
9
අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය.
10
ආහාස් රජ අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් සම්බවෙන්ට දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි ආදර්ශයක්ද එහි හැඩයද උරියා පූජකයාට එවුවේය.
11
උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්ට පළමුවෙන් ඒක සෑදුවේය.
12
රජ දමස්කයෙන් ඇවිත් ඒ පූජාසනය දැක ඊට ළංව ඒ පිට පූජාකෙළේය.
13
ඔහු තමාගේ දවන පූජාවත් ආහාර පූජාවත් දවා, තමාගේ පාන පූජාව වත්කොට, තමාගේ ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉස්සේය.
14
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.
15
ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.
16
ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය;
17
තවද ආහාස් රජ අෂූර්හි රජු නිසා මැහිවල පනේල කපා දමා ඒවා උඩ තිබුණු භාජනය අහක් කෙළේය; මුහුද යට තිබුණු පිත්තල ගවයන්ගේ පිටෙන් මුහුද බස්වා ගල් අතුළ බිමක තැබුවේය.
18
සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහය දෙසට හරවා තැබීය.
19
බලව, ආහාස් කළ අනික් ක්‍රියා යුදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
20
ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25