bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 20
2 Kings 20
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 21 →
1
ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ඔහු ළඟට ඇවිත්: ඔබේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද ඔබ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
2
එවිට ඔහු තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගන ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කරමින්:
3
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.
4
යෙසායා මැද මිදුල දක්වා යන්ට පළමුවෙන් ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙතට පැමිණ කියනුයේ:
5
ඔබ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න-ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි, ඔබේ කඳුලු දුටිමි. බලව, මම ඔබ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින ඔබ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට යන්නෙහිය.
6
ඔබේ වයසට පහළොස් අවුරුද්දක් එකතුකරන්නෙමි; මම අෂූර්හි රජුගේ අතින් ඔබ සහ මේ නුවර ගළවා, මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර රැකගන්නෙමියි කියා කියන්නැයි කීවේය.
7
එවිට යෙසායා: අත්තික්කා කැටියක් ගෙනෙන්නැයි කීය. ඔව්හු ගෙනවුත් එය ගෙඩිය පිට තැබුවෝය, එවිට ඔහුට සුවවිය.
8
හෙසකියා යෙසායාට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සුවපත් කරන බවටත් තුන්වෙනිදා මා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට යන බවටත් ලකුණ කිමෙක්දැයි ඇසුවේය.
9
යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය.
10
හෙසකියාද: ඡායාව අංශක දශයක් බසින එක සුළු දෙයක්ය; එසේ නොව ඡායාව අංශක දශයක් පස්සට හැරී ඒවයි කීවේය.
11
එවිට අනාගතවක්තෘවූ යෙසායා ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කෙළේය. උන්වහන්සේ ආහාස්ගේ හෝරා මණ්ඩලය පිට ඡායාව බැසගිය තැනින් අංශක දශයක් පස්සට පැමිණෙවුසේක.
12
ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය.
13
හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය.
14
එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝද? ඔව්හු කොතැනින් ඔබ වෙතට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. හෙසකියාද: ඔව්හු දුර රටක්වූ බබිලෝනියේ සිට ආවෝයයි කීවේය.
15
එවිට ඔහු: ඔව්හු ඔබේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.
16
එවිට යෙසායා හෙසකියාට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න-
17
බලව, ඔබේ ගෙයි තිබෙන සියල්ලත් ඔබේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකොට බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය.
18
ඔබ තුළින් නික්මෙන, ඔබට දාව උපදින ඔබේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
19
එවිට හෙසකියා: ඔබ කී ස්වාමීන්වහන්සේ ගේ වචනය යහපත්යයි යෙසායාට කීවේය. තවද ඔහු: සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වල ඇත්නම් හොඳ නොවේදැයි යෙසායාට කීවේය.
20
හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යුදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?
21
හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවුණේය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25