bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Kings 9
2 Kings 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 10 →
1
අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: ඔබ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.
2
ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු සොයාගන එහි ඇතුල්වී, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගන ඇතුල් ගෙයකට ගොස්,
3
තෙල් කුලාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට: මම ඔබ ඉශ්රායෙල් කෙරෙහි රජකොට ආලේපකෙළෙමියි ස්වාමීන්වහන්සේ වදාරන සේක කියා, දොර හැර ප්‍රමාද නොවී පලායන්නැයි කීවේය.
4
මෙසේ ඒ තරුණ ප්‍රොපේත තැන රාමොත්-ගිලියද්ට ගියේය.
5
ඔහු ඇතුල්වෙන කොට සේනාපතියෝ හිඳගෙන උන්නෝය; එවිට ඔහු: අධිපතියාණනි, ඔබට වචනයක් කියන්ට මට තිබේයයි කීය. අප සියල්ලන්ගෙන් කාටදැයි යේහු ඇසීය. අධිපතියාණෙනි, ඔබටයයි ඔහු කීවේය.
6
හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක- ස්වාමීන්වහන්සේ ගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ ආලේපකෙළෙමි.
7
මාගේ මෙහෙකරුවන් වූ ප්‍රොපේතවරුන්ගේ ලේද ස්වාමීන්වහන්සේ ගේ සියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස ඔබේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.
8
ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් නුමුත් නිර්දාසයන් නුමුත් ආහබ්ගේ සියලු පිරිමින් සිඳදමා,
9
ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද වන්ට සලස්වන්නෙමි.
10
බල්ලෝ යෙස්රෙයෙල් බිම් කොටසෙහිදී යෙසෙබෙල් කන්නෝය, ඈ තැන්පත්කරන්ට කිසිවෙක් නොසිටින්නේයයි කීසේකැයි ඔහුට කියා දොර හැර පලාගියේය.
11
එකල යේහු තමාගේ ස්වාමියාගේ සේවකයන් වෙතට ආයේය. එක්කෙනෙක්: සියල්ල හොඳද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: ඒ මනුෂ්‍යයාත් ඔහුගේ කථාවත් ඔබ සැම දන්නහුයයි ඔවුන්ට කීවේය.
12
ඒ බොරුය, අපට කියන්නැයි ඔව්හු කීවෝය. හෙතෙමේ: මම ඉශ්රායෙල් කෙරෙහි ඔබ රජකමට ආලේපකෙළෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා මේ මේ හැටියට මට කීවේයයි කීය.
13
එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.
14
මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)
15
නුමුත් යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධකරන අතර සිරියවරුන් විසින් තමාට කළ තුවාල සුවකරගන්න පිණිස යෙස්‍රෙයෙල්ට හැරී ඇවිත් සිටියේය. තවද යේහු: ඔබ සැම කැමතිනම් යෙස්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාටවත් ගැළවී යන්ට ඉඩනොදෙන්න කියා,
16
රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය; මක්නිසාද යෝරාම් එහි ඔත්පළව උන්නේය. යුදාහි රජවූ අහසියාද යෝරාම් බලන්ට එහි ඇවිත් සිටියේය.
17
යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: ඔබ අසරුවෙකුට අඬගසා-සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.
18
මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් ඔබට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය.
19
එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් ඔබට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය.
20
මුරකාරයාද: ඔහු ඔවුන් ළඟට පැමුණුණ නුමුත් නැවත නොඑන්නේය. දැක්කීම නම් නිම්ෂීගේ පුත්‍රවූ යේහුගේ දැක්කීම වාගේය; මක්නිසාද ඔහු වේගයෙන් දක්කන්නේය කියා දැන්නුවේය.
21
යෝරාම්ද: රථය සූදානම්කරන්නැයි කීවේය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝය. ඉශ්රායෙල් රජවූ යෝරාම්ද යුදාහි රජවූ අහසියාද තම තමාගේ රථයට නැගී පිටත්වී යේහුගේ පෙරමගට ගොස්, යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසේදී ඔහුට සම්මුඛවුණෝය.
22
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: ඔබේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
23
එවිට යෝරාම් හැරී පලායමින්: අහෝ අහසියා, මෙන්න, ද්‍රෝහිකමය කියා අහසියාට කීවේය.
24
නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය.
25
එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් ඔබත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විට ස්වාමීන්වහන්සේ ඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න;
26
එනම්: සැබවින් නාබොත්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ලේ ඊයේ දුටුවෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේක. තවද මම මේ බිම් කොටසේදී ඔබට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එබැවින් ඔහු රැගෙන ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස මේ බිම් කොටසෙහි දමන්නැයි කීවේය.
27
යුදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.
28
ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් යෙරුසලමට ගෙනගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන්ගෙයි තැන්පත්කළෝය.
29
ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ එකොළොස්වෙනි අවුරුද්දේදී අහසියා යුදා කෙරෙහි රජවුණේය.
30
යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.
31
යේහු දොරටුවෙන් ඇතුල්වෙන විට ඈ කථාකොට: ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, ඔබ සමාදානයෙන්දැයි ඇසුවාය.
32
ඔහු කවුළුව දෙසට මුහුණ ඔසවා: මාගේ පැත්තට සිටින්නේ කවුද? කවුදැයි ඇසුවේය. එවිට නපුංසකයන් දෙතුන් දෙනෙක් ඔහු දෙස බැලුවෝය.
33
ඈ පහළට හෙළන්නැයි ඔහු කීය. ඔව්හු ඈ පහළට හෙළුවෝය. ඈගේ ලේවලින් මදක් බිත්තියෙත් අශ්වයන් පිටත් ඉසුණේය. ඔහු ඈ පාගාගත්තේය.
34
ඔහු ඇතුල්වී පසුව කා බී: ඒ ශාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවෙක් නිසා බලා ඈ තැන්පත්කරන්නැයි කීවේය.
35
ඔව්හු ඈ තැන්පත්කරන්ට ගිය විට ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බනොවී,
36
හැරී ගොස් ඔහුට දැන්නුවෝය. ඔහු කථාකොට: මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ තිෂ්බිය එලියා ලවා කියෙවු වචනයය-යෙස්රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය.
37
මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25